“PTA අහෝසි කරනු – ATA ඉරා දමනු” ප්‍රකාශයට අත්සන් ගොන්නක්!

PTA අහෝසි කරනු!
ATA ඉරා දමනු!

යන තේමාවන් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීම අද (24) සවස කොළඹ ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල ප්‍රලේඛන මධ්‍යස්තාන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශනය සදහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති,බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංවිධාන වල නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලු පිරිසක් අත්සන් තැබූහ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයකු විසින් ඒකාබද්ධ ප්‍රකාශනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට අත්සන් තැබුනි.

මෙම ප්‍රකාශය අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ශාලාවේ විදුලිය විසන්දි වූ අතර ආයතනයේ සේවකයින් විසින් ජෙනරේටරයක් මගින් එක්විදුලි පහනක් පමණක් දල්වා දීමට කටයුතු කිරීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු සිදු කෙරුනි.

ප්‍රකාශනය අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රකාශනයට අත්සන් තැබූ නියෝජිතයින් අදහස් දැක්වීමට නියමිතව තිබුන ද රැස්වීම අවසන් වන මොහොත දක්වාත් විදුලිය නොලැබුණ හෙයින් පිරිස ශාලාවෙන් පිටතට පැමිණ තම අදහස් දැක්වීම එහිදී සිදු කෙරුනි.


සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...