(VIDEO):ගෝඨාභය කියන්නේ හිරිකිත මිනිහෙක්.දේව කර්මය පලදුන්නා – ගෝඨාගේ කන් ඈත්වෙන්න කබීර් කරපු කතාව

Date:

කොළඹ LNW:ජාතිවාදය විකුණා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂට දේව කර්මය පලදුන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

ඒ,(24) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය පොතේ සඳහන් ඔහුව බලයෙන් පහ කිරීමට මුල්වූ බව කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි කබීර් හෂීම් මහතා ඒ බව පැවසුවේ.

ඔහුව බලයෙන් පහකිරීමට මුස්ලිම්වරු කුමන්ත්‍රණය කළ බවට එම පොතේ සඳහන් කරුණු අසත්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අරගලයේදී සියලු දෙනා එක්වූයේ රට වෙනුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

බලය වෙනුවෙන් මේ රට ලේ විලක් කිරීම දැන් හෝ නවතා දැමිය යුතු වන අතර කුමන්ත්‍රණය පොතෙහි සඳහන් වැරදි කරුණු නිවැරදි විය යුතු බවයි කබීර් හෂීම් මහතා අවධාරණය කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද තවමත් විසඳුමක් ලැබී නැති අතර ඒ ගැන සැකයක් පවතින හෙයින් එය සුද්ද විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...