(VIDEO):ගෝඨාභය කියන්නේ හිරිකිත මිනිහෙක්.දේව කර්මය පලදුන්නා – ගෝඨාගේ කන් ඈත්වෙන්න කබීර් කරපු කතාව

Date:

කොළඹ LNW:ජාතිවාදය විකුණා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂට දේව කර්මය පලදුන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

ඒ,(24) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය පොතේ සඳහන් ඔහුව බලයෙන් පහ කිරීමට මුල්වූ බව කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි කබීර් හෂීම් මහතා ඒ බව පැවසුවේ.

ඔහුව බලයෙන් පහකිරීමට මුස්ලිම්වරු කුමන්ත්‍රණය කළ බවට එම පොතේ සඳහන් කරුණු අසත්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අරගලයේදී සියලු දෙනා එක්වූයේ රට වෙනුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

බලය වෙනුවෙන් මේ රට ලේ විලක් කිරීම දැන් හෝ නවතා දැමිය යුතු වන අතර කුමන්ත්‍රණය පොතෙහි සඳහන් වැරදි කරුණු නිවැරදි විය යුතු බවයි කබීර් හෂීම් මහතා අවධාරණය කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද තවමත් විසඳුමක් ලැබී නැති අතර ඒ ගැන සැකයක් පවතින හෙයින් එය සුද්ද විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...