ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ගිවිසුම් පහකට අත්සන් තැබේ !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පැවැත්වී ඇති අතර ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

එම ගිවිසුම් පහ පහතින් දැක්වේ.

චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහයෝගීතා, ජනමාධ්‍ය, තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...