කන්නන්ගර මැතිතුමා නිර්මාණය කළ නිදහස් අධ්‍යාපනය පණ මෙන් සුරක්ෂා කරමින් අප රටේ දරු පරපුරට අධ්‍යාපන ක්‍රමයේ විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් දැවැන්ත නවීකරණයක් විය යුතු බවත් කෘතීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගත යුතු බවත් එහි දී ලොව ඉල්ලුම් කරන විවිධ වෘත්තීන්ට අවශ්‍යතාව සැලසිය හැකි සැබෑ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් රට තුළ නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති වෘත්තීය දේශකවරුන්ගේ 10 වැනි සංවත්සර සමුළුව අමතමිනි.
මේ අධ්‍යාපනයේ මහා විප්ලවයේ කොටස්කරුවන් ලෙස වෘත්තීය දේශකවරුන් පත්විය යුතු බවත් මෙරට බුද්ධිබලය නිර්මාණය කරන බලගතු කොට්ඨාසයක් ලෙස වෘත්තීය දේශකවරුන් ඇතුළු සියලු දෙනා එකට එකතු වී මෙරට අධ්‍යාපනයේ සිදුවිය යුතු හරාත්මක ගුණාත්මක ධනාත්මක දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතු බවත් එහි දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා සේම අධ්‍යාපන ක්‍රමයට අගයක් එකතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය උපදේශවරුන් ලෙස දැනුමින් බුද්ධියෙන් උගත්කමින් අපේ රටේ සිසුන්,තරුණයන් සවිබල ගන්වන්නට කරන්නා වූ කාර්යභාරය ගැන සතුටු වන බවත් ඒ වෙනුවෙන් සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
එසේම අප රටේ පාසල් අධ්‍යාපනය ජාතිය හා ආගම කේන්ද්‍ර කර ගෙන බෙදුනත් වෘත්තීය උපදේශක ක්ෂේත්‍රයේ ජාති ආගම් කුලමල ගෝත්‍ර භේදයෙන් තොරව සිසු ප්‍රජාව එක කේන්ද්‍රස්ථනයක් තුළ සිදුවීම ද අගය කරන බවත් බොහෝ අවස්ථාවල මේ ක්ෂේත්‍රයට නනාවිධ ප්‍රහාර එල්ල වුණත් කොරෝනා කෝවිඩ් සමයේ සම්ප්‍රදායික අධ්‍යාපනය තුළ විවිධ බිඳ වැටීම් සිදු වුවත් මෙම ක්ෂේත්‍රයේ නව තාක්ෂණය උපයෝගී කර ගෙන සිදු කළ දායකත්වය නිදහස් අධ්‍යාපනයට විශාල සේවාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද අපේ රටේ සිසු පරපුර අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යන ගමන පැහැදිලි නොමැති බවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රේණිගතවලින් ඉහළම රටවල විෂය නිර්දේශය නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර ශ්‍රම වෙලෙඳපොළේ ඉල්ලුම හා සැපයුම අනුව වුවත් අප රටේ එවැනි දෙයක් නොමැති බවත් ගිරාපෝතක කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනුවට විසඳුම් සපයන, උත්තර සපයන, ගැටලුවලට විසඳුම් ලබා දෙන ප්‍රශස්ත ප්‍රබුද්ධ සුහුරු ජන පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
RN
