එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල යුදෙව් විරෝධී පලස්තීන ගැති පෙලපාලිවලට සහභාගී වෙමින් සිටි විරෝධතාකරුවන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සිසුන් ඊශ්‍රායලය සමඟ සබඳතා ඇති ආයුධ නිෂ්පාදකයින්ගෙන් විශ්ව විද්‍යාලය ඉවත් කරන ලෙස ඉල්ලා කඳවුරු පිහිටුවීමෙන් පසුව ආරම්භ වූ විශ්වවිද්‍යාලවල පෙළපාලි රැල්ලක් මධ්‍යයේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී.

ඊයේ(24)දිනයේදී ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ විරෝධතා අතරතුර ප්‍රාදේශීය ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක මාධ්‍ය සාමාජිකයෙකු ඇතුළු අවම වශයෙන් විරෝධතාකරුවන් 34 දෙනෙකු මෙන්ම දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (USC)විරෝධකරුවන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

මෙහිදී විරෝධතාකරුවන් ඊශ්‍රායල විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවය අවසන් කිරීම සහ නව පලස්තීන අධ්‍යයන වැඩසටහනක් ස්ථාපිත කිරීම සඳහා වන ශාස්ත්‍රීය වර්ජනයක් සඳහා ද විරෝධතාකරුවන් ඉල්ලා සිටි අතර සභා කථානායක මයික් ජොන්සන් ඊයේ(24) කොලම්බියා විශ්ව විද්‍යාලයේ සංචාරයකින් අනතුරුව සඳහන් කර තිබුණේ, රට පුරා විද්‍යාලවල යුදෙව් විරෝධී වෛරසයක් ව්‍යාප්ත වන බවත් එය එය පිළිකුල් සහගත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...