රන් මිල පහළට!

0
335

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): අද දිනයේද මෙරට රත්තරන් මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ, රන් ව්‍යාපාරකයින් පවසයි.

අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් ඇති අතර ,ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසය.

රු. 190,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (25) වනවිට රු. 188,000ක් දක්වා පහත වැටී ඇත.