මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී තරුණ හඬට ඉඩදීම ඉතාම වැදගත් – රනිල්

0
498

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී රටේ තරුණයින්ගේ දායකත්වය ඊට ලබාගැනීම ඉතාම වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල්

වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

“මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවෙන්ම විසඳන්න ඕනෑ. මූල්‍ය බලය පාර්ලිමේන්තුවට අරගන්න, ඒක ක්‍රියාත්මක කරන්න කාරකසභා 6ක් පත්කරන්න. මේ යාන්ත්‍රණය තුළ කමිටු 6ට තරුණ නියෝජිතයින් තුන්දෙනා ගාණේ ආරාධනා කරන්නත්, තරුණ සංවිධාන තුළින් නියෝජිතයින් 200ක් – 300ක් ඉන්න සම්මේලනයක් පත්කරනවාද , ඒ සම්මේලනය මාස 3කට සැරයක් රැස්වෙන්නත්, ඒ තරුණ සාමාජිකත්වය තෝරාගන්න ක්‍රමවේදය ඒ තරුණ හඬට භාරදෙන්න ඕනෙ. ඒ අදහස් අරගෙන පාර්ලිමේන්තුවට ඒක තීරණය කරන්න පුළුවන්”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here