කිරිපිටි මිල මේ සතියේදී ඉහළට. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 1000 පන්නන ලකුණු

Date:

ආනයනික කිරිපිටි මිල මේ සතිය අවසන් වනවිට නැවතත් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරිපිටි සඳහා පැනවූ පාලන මිල රජය විසින් ඉවත් කරගෙන ඇති නිසා ආනයනකරුවන්ගේ අභිමතය අනුව මිල ඉහළ නැංවීමට හැකි බව පැවසූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කොපමණ මුදලකින් කිරිපිටි මිල ඉහළ යනු ඇතිදැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කළේය.

කෙසේවෙතත් වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ මෙවර මිල වැඩිකිරීමේදී කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1000 ඉක්මවා යනු ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...