*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අන්තරේ කියන්නේ සටන්වල මොහොතක් නෙවෙයි ඉතිහාසයක්. ඔවුන් ගේන්නේ ජවයක් නෙවෙයි ජීවයක් – හඳගම

අන්තරේ කියන්නේ සටනක් නෙවෙයි. සටන් සම්ප්‍රදායක්. සටන් වල මොහොතක් නෙවෙයි. ඉතිහාසයක්. එහෙම කණ්ඩායමක් GoHomeGota සටනට ගෙන එන්නේ ජවයක් නෙවෙයි ජීවයක්.

අන්තරේට එකතු වෙන්නේ සමහර ටියුෂන් කාරයින් ගේ බයිලා අහලා ඔලු ඔල්මොරොන්දම් කරගත්තු ලමයි. හැබැයි කැම්පස් එකට ආවහම ටික දවසකින් සටන් සම්ප්‍රදායට එකතු වෙනවා. කවුරුත් සටන් කරන හැටි උගන්වන්නේ නැහැ. ඉගෙන ගන්නවා.

මෙච්චර කලක් වුනේ අන්තරේ සටන් කරනවා. ජනතාව බලා ඉන්නවා. තමන්ට වැටහෙන්නේ නැති, දැනෙන්නේ නැති ප්‍රශ්නයක් වෙනුවෙන් පාරට බැහැලා යකා නටන අන්තරේ දිහා ජනතාව බලන්නේ පිස්සෝ ටිකක් දිහා වගේ.

ඒකෙ ඇත්තකුත් තියෙනවා. පාදෙණිය ගේ GOMA එකේ ලණු ගිලලා නටපු නැටිල්ල අපි දැක්කා. අපිත් අන්තරේ ඉන්න දවස් වල තමයි රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට (PMC) විරුද්ධව මාරාන්තික සටනක් ගෙන ගියේ. “නිදහස් අධ්‍යාපනේ” නියම අරුතින් වටහා ගත්තා නම් අද ඒක දකුණු ආසියානු කලාපයේ තියෙන හොඳම මෙඩිකල් කොලේජ් එකක්. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වගේ රටවල් ඒ වගේ Medical Colleges හදන්න හිතලා වත් නැහැ. ඒක තිබුනා නම් අද ඒකෙ ඉගෙනගන්න, ඒ රටවලින් දරුවෝ මෙහෙ එනවා. ඒකෙ ඉගෙනගත්ත දොස්තරලා ලෝකේ වටේ වෙදකම් කරනවා. පාදෙනියලා වගේ එක රැයෙන් කාබනික පොහොර හදන්න ගොබ්බ උපදෙස් දෙන දොස්තර ලා, වඳපෙති වලින් සිංහල ජාතිය වඳ කරන්න, මුට්ටි ගඟේ දාලා කොරෝනා හොඳ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන දොස්තර ලාට ආණ්ඩුවක ඉන්න, සෞඛ්‍ය ඇමතිකම් දරන්න පුළුවන් වෙන්නේ නැහැ.

අද අන්තරේ බැහැලා ඉන්නේ ජනතාව ගේ අරගල බිමට. මේකේ නරඹන්නෝ නැහැ. ටික්‌ටොක් වීරයෝ මේක හයිජැක් කරන්න හැදුවට උන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඇත්ත සටන තියෙන්නේ සයිබර් අවකාශයේ නෙවෙයි. මහ පොළොවේ. ගෝල්ෆේස් එකේ සංදර්ශන වලට ගහන්න ආණ්ඩුව කලබල වුනේ නැහැ. ඒත් අන්තරේ එනවා කිවුවම කලබල වුනා. කටු කම්බි බැරියර් ඇටෙවුවා. බැරිවුනා.

GotaGoHome කියන්නේ සටන් පාඨයක් ම නෙවෙයි ඉලක්කයක්. ක්‍රමවෙනසක් වෙත ගමනක්.

මේක ඉල්ලන්නේ ආණ්ඩු විරෝධීන් ම නෙවෙයි. ගෝටාට ඡන්දේ දීපු 69 ලක්ෂයත් එතන ඉන්නවා. ආණ්ඩුවටත් නපුංශක විපක්ෂයේ උන්දැලා ටත් තේරෙන්නේ නැත්තේ ඒක.

  • අසෝක හඳගම

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan