ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අද (25) දින සංකේතාත්මකව ගෙන යන වැඩ වර්ජනය 100%කින් සාර්ථක අතර වැඩ වර්ජනය ඔස්සේ ආණ්ඩුවට බල කර සිටින දේ වැටහෙන්නේ නැත්නම් එළඹෙන 28 වැනිදා සෙසු වෘත්තීය සමිතිද එක්ව මහා වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
ඒ, අද මාධ්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කැබිනට් මණ්ඩල වෙනස් කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකරමින් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සහ දරන නමුත් අනෙක් පසින් ජනතාව දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි ඔහු කියා සිටියේ.
පවතින තත්ත්වය අනුව ජනතාවගේ ජීවන වියදම් පහත හෙළීමට ආණ්ඩුවට කිසිලෙසකින්වත් නොහැකි හෙයින් දැන් ජනතා හඬට කන් දිය යුතු වන බවද ස්ටාලින් මහතා සඳහන් කරන ලදී.
ASK