*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කෞශල්‍යයාට පැන දුවන්නට නොහැකි වූ කඩුල්ල

කෞශල්‍යයා මධුශානි ජිවිතයෙන් නික්ම සේ ඇත.ඇය මිය යන විට ශ්‍රී ලංකාවේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ජාතික සූරිය වූවාය.ජීවිතයෙන් නික්ම යන්නට පෙර දිනයේ ඇය එම ඉසව්වේදී වාර්තා කළ කාලය තත්පර 58.76 කි.ඒ නිසාම ඇය වසර සියයක් සපිරෙන මලල ක්‍රීඩාව ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද සියවැනි ජාතික සූරතාවලියේදී ඇය කඩුලු මතින් දිවීමේ ඉසව්වලදී දක්ෂතා දැක් වූ හොඳම ක්‍රීඩිකාව වූවාය.මේ සියල්ල ඇය ඇයගේ මලල ක්‍රීඩා ජීවිතයේ වඩාත්ම දීප්තිය විහිදූ අවස්ථාව ලෙස හඳුන්වන්නට හැකිය.නමුත් පහනක් නිවෙන්නට ආසන්නයේ වැඩි එළියකින් දැල්වෙන පහණක් සේ ඉන් පැය කිහිපයකට පසුව අපේ සවනට වැකෙන්නේ කෞශල්‍යයාගේ අවසන් හුස්ම පොඳ වාතලයට මුසුව ඇති බවය.

මෙහිදි අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි.ඇය වැනි ශක්ති සම්පන්න සිරුරක් හිමි ක්‍රීඩිකාවකට ජිවිතය දරා ගන්නට නොහැකි තරමට හිත ශක්තිමත් කර ගන්නට නොහැකි වී ඇත.එසේ වන්නට ඇයට බලපාන්නට හැකි කාරණාවන් ගැන මේ වන විට අටුවා ටීකා ලියැවෙමින් ඇත.කතා පුළුන් සුළඟට මුහු කළා සේ දසතම විසිර පැතිර යමින් ඇත.නමුත් ඇය වැනි කීර්තියේ උපරිමයට සිය ජීවිතය රැගෙන යමින් සිටියදී එහි ඇති සතටු වෙන්නට හැකි නෙක මං බොහෝ දැක,ඒ සම්බන්ධයෙන් සිහින නොදකිමින් ජිවිතයෙන් නික්ම යන්නට හිත හදා ගැනීම යනු,ජීවිතය දෙසට හැරෙන්නට බොහෝ හේතු කාරණා තිබියදී මරණය තෝරා ගැනීමකි.ගැටළුව එතැනය.
ජීවත් වෙන්නට ක්‍රීඩාවම සෑහෙන කෙනෙක්,ඒ සම්බන්ධයෙන් බොහෝ හීන දකින්නට පුළුල් ඉඩක් ඇත්තියක් ජිවිතය හැර දමා යාම යනු ඇයට ඇය සම්බන්ධයෙන් වන වටිනාකම් කියා දෙන්නට තරම් නිවැරදි ජාතික වැඩ පිළිවෙලක් නොමැති වීමේ ඛේදවාචකයක් පමණක් බව කිව යුතුය.ඇය හමුදා සෙබළියකි.එහෙත් ඇයගේ ජිවිතය කැරකුණේ යුද පිටියක අවි අතර නොවේය.ක්‍රීඩා පිටියේ කඩුලු අතරය.ඈ බිඳ දැමුවේ පරසතුරු බාධක නොවේය.ඇය ඉදිරියේ ඇයටම එරෙහිව එසැවි කඩුලුය.තමා විසින්ම අභිබවා යා යුතු කඩුලු අභිබවා ගිය ඈ ජිවන කඩුල්ල ළඟ නැවතීම ක්‍රීඩාවේ ද ගැටළුවකි.ක්‍රීඩකයින් සම්බන්ධයෙන් වඩාත් සමීප වූ ජීවිත පාපොච්චාරණයකට විශ්වසනීය මාවතක් ක්‍රීඩාවට හඳුන්වා දීය යුතුය.

තවත් සරල කර ගත් විට ඇයට ඇය සම්බන්ධයෙන් වන වටිනාකම රටට මෙන්ම ඇයගේ ජිවිතය දිනන්නට ඇති මඟ බව කියා දෙන්නට වැඩ පිළිවෙලක් නොතිබීම හිස්තැනක් සේ මේ මරණයත් සමඟ දැනෙන දෙයකි.මරණ හැඟීම ඇති වූ මොහොත කළමණාකරණය කරන්නට නොහැකිවීමට වඩා අප අවධානය යොමු කළ යුත්තේ එම හැඟීම උත්පාදනය නොවන තැනක ක්‍රීඩිකාව ජීවත් කරවන්නට වැඩ පිළිවෙලක් නොමැතිවීම සම්බන්ධයෙන්ය.

කෞශල්‍යයා තදින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට දැණුන ක්‍රීඩිකාවක්ය.ඇය හිස්තැනක් පුරවන්නට පැමිණි ආදේශකයක්ය.ක්‍රිස්ටීන් මෙරිල් ශ්‍රී ලංකා වාර්තාලාභිණය ය.ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ වැඩි තරග ගණනක් නියෝජනය කළේ ඇමෙරිකාවේ සිට ය.ඇය තබා ඇති ජාතික වාර්තාව තත්පර 56.45 කි.ඇය එම කාලය වාර්තා කරන්නේ ඇයට වඩා දක්ෂ ධාවිකාවන් පොකුරක් මැඳ දුවමින්ය.නමුත් කෞශල්‍යයාට එවැනි පසුබිමක් තිබුණේ නැත.ඇය ජාතික මට්ටමෙන් කඩුලු මතින් දිවීමේ තරඟ සඳහා පිවිසෙන මොහොත වන විට ක්‍රිස්ටීන් තබා ශ්‍රී ලංකවේ සිටි එස්.වී.එස්.කුසුමාවතී,මේනකා කළුපහන තබා අඩුම තරමේ නයෝමිකා ගිම්හානි වැන්නන් පවා සිටියේ නැත.ඒ නිසාම කෞශල්‍යයා තනිව දරාගෙන වැඩුණු ක්‍රිඩිකාවක්ය.

ඇය ඒ නිසා හෙමින් වැඩිණි.දිනෙන් දින ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අතරට එකතු වුණු සහ බලාපොරොත්තු ඉහළ නැංවූ ක්‍රීඩිකාවක්ය.2016 දී 21 හැවිරිදිව උන් කෞශල්‍යයා දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගන්නටත් පෙර කණිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස 2014 දී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.එහිදී ඇය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා රිදි පදක්කමක් කර ලා ගන්නට තරම් දක්ෂ වූවාය.යළිත් 2019 දී ඇය නේපාලයේදී දකුණු ආසියානු ලෝකඩ පදකකම මීටර් 400 කඩුලු මතින් තරඟයෙන් අත් කර ගැනිමට අමතරව එම දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් අසනීපව සිටියදී මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට පැමිණ එහි රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දායක වූවාය.

ගතවෙන තත්පරයේ කෞශල්‍යයා පසුපස හඹා එන කණිටු ක්‍රීඩිකාවක ද ජාතික මලල ක්‍රීඩාවට දායකත්වය ලබා දෙමින් උන්නාය.ඇය මෙවර ලෝක කණිෂ්ඨ තරගාවලිය පවා නියෝජනය කරන්නට වරම් දිනා ඇති අමේශා හෙට්ටිආරච්චි ය.ඒ නිර්මාණය වෙමින් පැවති අභියෝගය කෞශල්‍යයා හොඳින් අවබෝධ කර ගෙන සිටි බව පැහැදිළි විය.ඇය සිය ජීවිතයේ වාර්තා කර තිබූ හොඳම කාලය වන තත්පර 58.16 ට පසු මෙවර තත්පර 58.76 ක් වාර්තා කරාය.ඇය මේ රට ඇතුළත හොඳම කාලය දිවූ මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූරිය වූවා ය.
එහෙත් ඇය දිව්වා පමණය.ඇය පසුපසින් ඇයව රැක ගන්නට දුවන්නට වැඩ පිළිවෙලක් තිබී නැත.
එයාගෙ ආයුෂ එච්චරයි

පතාගෙන ආපු හැටි තමයි ඉතිං
ඉහත වචන මේ මරණයත් එක්ක පෑහෙන්නේ නැත.ඇයත් රටේ ක්‍රීඩාවත් ෆේල් ය.එතැන කැළලි සුව අතට හරවා නොගෙන යන ඕනම මොහොතක වටිනා ජිවිත මරණය දෙසට තල්ලු වන්නට ඉඩ ඇත.ඒ නිසා කෞශල්‍යයාට තරණය කරන්නට නොහැකි වූ ජයග්‍රාහි කඩුල්ල පැන ගන්නට අවශ්‍යය ස්වීය වටිනාකම හැම ක්‍රීඩකයෙක්ටම ක්‍රීඩිකාවකටම ඒත්තු ගන්වා දෙන වැඩ පිළිවෙලක් අවශ්‍යය වන්නේය.

කෞශල්‍යා තව බොහෝ දුර බොහෝ දේ දිනා ගනිමින් යායුතුව තිබුණු දිවි ගමණ නිමා කිරීම සම්බන්ධයෙන් ඇත්තේ තරහකි.එහෙත් ඒ තරහෙන් ඔබට දමා ගසා පලක් නැත.බොහෝ දේ නොතිබි ඔබ රටට අත් කර දුන් දේ බොහෝ ය.එවැනි ශක්තියක් ඇති ක්‍රිඩිකාවක් සේ ඔබ ඔබේ ශක්තියෙන් දිනා දුන් දේ ට ස්තූතියි කීම යුතුකමය.

එහෙනම් ගිහිං එන්න.මීටර් 400 දි විතරක් නෙමෙයි දුවන පාරට කඩුලු වැටෙන්නෙ.
ඔබ කියා දුන් පාඩම යළි යළිත් සියල්ලන් කියැවිය යුතුය.

සුබ ගමන්!

RM

ඇය මිය යන්නට පැය කිහිපයකට කළින් සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහී ක්‍රිීඩක ක්‍රීඩිකාවන් සමඟ ගත් ඡායාරූපයක් සහිතව වත්මන් හෙල්ල වීසි කිරිමේ සූරිය නදීශානි ලේකම්ගේ තැබූ සටහනක්.
මිය යන්න සුළු වේලාවකට පෙර ඇයගේ පුහුණුකරු නලින්ද සෙනරත් තැබූ සටහන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan