විරෝධාර රණවිරුවන් දිවි පුදා රැකගත් භෞමික අඛණ්ඩතාව අහිමි වී අවසන් – දිලිත්

Date:

කොළඹ LNW:ඇති වී තිබෙන විකෘති දේශපාලන තත්ත්වය මත ඉතාම අවිනිශ්චිත වර්තමානයක් ගොඩනැගී ඇති බව සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මේ වන විට රටේ කිසිම පුරවැසියෙක් නොදන්නා ගිවිසුම් ඉන්දියාව සමඟ අත්සන් කර තිබෙන අතර ජනතාව ලෙස කුමන ගිවිසුමකින් බැඳී සිටින්නේද යන්න පිළිබඳව නොදන්නා බවයි ඔහු සඳහන් කළේ.

තමන්ද සමබන්ධ වී සිටි ජවිපෙ පන්ති පහේ ඉතාම ආකර්ශනීය පන්තිය වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදය වුවද එය වලංගු නොවන්නේ කවදා සිටද යන්න ජීවිත පුජා කළ තරුණ තරුණ තරුණියන්ගේ ඥාතීන් දැනගත යුතු නැද්ද යන්න පිළිබඳව ඔහු විමසා සිටියේය.

විරෝධාර රණවිරුවන් දිවි පුදා රැකගත් අපගේ භෞමික අඛණ්ඩතාව කොහේ හෝ අඳුරු කාමරය තවත් රටක් සමඟ ගැසූ ගිවිසුමකින අහිමි වී තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ න්‍යායාචාර්ය වරයා වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහුගේ වැඩපිළිවෙල ඔහුටත් වඩා හොඳින් අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් සිදුකරමින් සිටින බවයි දිලිත් ජයවීර මහතා තවදුරටත් පැවසුවේ.

මන්ත්‍රීවරයා මෙම අදහස දක්වා සිටියේ අද (25) මාතර දිස්ත්‍රික්කයේ පැවති පළාත් පාලන අපේක්ෂක හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...