නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:
ශ්‍රී ලංකාව අබුඩාබි හී පැවති ශ්‍රී ලංකා,අයර්ලන්ත ස ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර පැවති තුන් කොන් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට සමත් වෙනවා.අවසාන තරගයට ඔවුන් පිවිසුණේ අපරාජිතවයි.එහෙත් අවසාන තරගය යනු පෙර පැවති තරගවලට වඩා වෙනස් තරගයක් බව අප පැවසුවා.අයර්ලන්තය මෙම තරගාවලියේ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට එරෙහිව සොයන්නට තරග වදින අතර ශ්‍රී ලංකාව දිගින් දිගටම රැක ගත් ජය ආරක්ෂා කිරීමට තරග වදින නිසා විශාල පීඩනයක් ඔවුන් වෙත එල්ල විය හැකි බව අප තරගයට පෙරාතුව පවසා සිටියා.
එම සටහනට පහතින් පිවිසෙන්න.
https://sinhala.lankanewsweb.net/04/25/161610/
මේ සියළු තත්ත්වයන් තේරුම් ගෙන මිලාන් රත්නායක දියත් කරන අපූරු ඉණිමත්,ඊට පෙර පන්දු යැවීමේදී ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගැනීමෙන් දක්වන දක්ෂතාවයත් නිසා ශ්‍රී ලංකාවට මේ තරගය කඩුලු 5 න් ජයගෙන තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ජයග්‍රහණය කරා යන්නත් හැකියාව ලැබෙනවා.ලකුණු 201 ක් ඉලක්කයක් එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර් 34.3 ක් ගෙවෙන තැන ජයග්‍රහණය වාර්තා කරන්නට මිලාන් රත්නායක මෙන්ම පවන් රත්නායකත් නොදැවී ලකුණු 77 බැඟින් ලබා ගන්නට සමත් වෙනවා.එම ඉණිම් ක්‍රියාත්මක වන්නේ ලකුණු 201 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකාවට ලකුණු 43 ට කඩුලු 5 ක් දැවී තිබියදී වීම කැපී පෙණුනා.එතැන් සිට මිලාන් මෙන්ම පවන් ද ලකුණු 203 දක්වා ශ්‍රී ලංකා ඉණිම ඔසවා තබන්න ලකුණු 160 ක නොබිදි සබඳතාවයක් පවත්වන්නට සමත් වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට අයර්ලන්තයට ආරාධනා කරනවා.එහිදී මේ තරගාවලියේ සිය කඩුලු පැස 13 දක්වා වැඩි කර ගනිමින් වැඩිම කඩුලුලාභියා වන තරිඳු රත්නායක ලකුණු 33 ට කඩුලු 4 ක් දවා ගන්නේ සිය පන්දු ඕවර් 10 ම වැය කරමින්.මිලාන් පන්දු ඕවර් 7.3 ක් යවා ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගනිමින් දැක් වූ දායකත්වයත් සමඟ අයර්ලන්ත සමස්ත ලකුණු පූවරුව 200 දී නවතා තබන්නට හැකි වෙනවා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රි ලංකා පිතිකරුවන් මේ තරගාවලිය තුළ දැක් වූ සිය සුපුරුදු දක්ෂතාවය දක්වන්නට අපොහොසත් වෙනවා.මේ නිසා පන්දු ඕවර් 9.1 ක් ගෙවෙන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 43 ට කඩුලු 4 ක් සේ දැක්වෙන්නේ අවසාන තරග මානසිකත්වය විසින් ඇති කරන පීඩනය නිසයි.එහෙත් එම පීඩනය අල්ලා පසෙක තැබු මිලාන් මෙන්ම පවන් රත්නායක යුගලය අතරින් පවන් පන්දු 76 දී නොදැවී ලකුණු 77 ක් සහ මිලාන් පන්දු 83 න් ලකුණු 77 ක් ලබා ගන්නවා.
මේ හේතුව නිසා කුසලානය සම්බන්ධයෙන් අයර්ලන්තයට තිබුණ බලාපොරොත්තු සියල්ල මඟ ඇන හිටින අතර මිලාන්ගේ තුන් ඉරියව් දස්කම් සහ පවන් රත්නායක දියත් කළ ප්‍රවේගකාරී පිති හරඹය නිසා ජය ශ්‍රී ලංකාව සතු වෙනවා.ශ්‍රී ලංකාව කුසලානය දිනා ගන්නා අතරේ තරිදු රත්නායක පන්දු යවන්නෙක් ලෙස මිලාන් සහ පවන් මැද පෙළ පිතිකරුවන් ලෙස ද මෙම ජයග්‍රහණය වෙනුවෙන් දැක් වූ දායකත්වයද ඉතා ඉහළින් අගය කළ යුතු වෙනවා.
