එක්ස්ප්‍රස් පර්ල් අබිරහස් ගැන විපක්ෂ නායක සජිත් එකින් එක ප්‍රශ්න කරයි.

Date:

මෙරට සුවිශාලතම සමුද්‍ර දූෂණයකට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී මේ වනවිට වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇත. පසුගිය කාලය පුරාවට විද්වතුන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් විසින් මෙරට සාගර පරිසරයට සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරුණි. ඒ අනුව, ඔවුන් විසින් එ.ජ.ඩො. බිලියන 6.4ක හානියක් සිදුව ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත්, වන්දි ලෙස මෙතෙක් ලැබී ඇත්තේ නොසැලකිය තරම් වන සුළු මුදලක් පමණක් බව වාර්තා වේ. එසේ වුවද, ආණ්ඩුව මේ දක්වා මෙම සිදු වූ හානිය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීමට අදාලව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත. එමෙන්ම, මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමට ඉතිරිව ඇත්තේ ද තවත් දින කිහිපයක් පමණක් බව වාර්තා වේ. එබැවින්, මෙරට සමුද්‍රීය පරිසරයට, ජීවීන්ට මෙන්ම ධීවර ප්‍රජාවට ද අති විශාල හානියක් ගෙන දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුව ඇත.    

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2යටතේ විශේෂ ප්‍රශ්නයක් අසනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පොසොන් කලාපයට සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරති!

කොළඹ LNW:ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර...

පානදුරෙන් පෙරළියක් – අර්ධ අවසන් පූර්ව තරගවලදී සීසීසී,එන්සීසී සහ මුවර්ස් ද ජය ලබයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් බේරුණු ලක්කාරයා!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා...

ලෝකෙ අංක දෙකයි ලංකාවේ අංක එකයි ජූනි 13 කොළඹදී ගැටෙයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ලොව අංක දෙකට ශ්‍රේණිගතව...