Tuesday, May 30, 2023
spot_img

Latest Posts

පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබේ.

ඒ අනුව අද (25) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන්ට භාර දී ඇත.

එම ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු පාර්ශ්ව රැසක් පසුගිය කාලය තුළ දිගින් දිගටම ප්‍රශ්න කෙරමින් තිබුණි.

එම පසුබිම මත පසුගිය පාස්කු දිනදීද අගරදගුරු හිමිපාණන් වහන්සේ මේ පිළිබඳව අවධානය යොමුකරන ආකාරයද දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.