Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහය ගන්න කැබිනට් අනුමැතිය! (VIDEO)

කොළඹ LNW:ආර්ථික ස්ථායීකරණය වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් වැඩසටහනට සහ මෙරට ආර්ථික ස්ථායීකරණය හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ වැඩසටහනේ සහය ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව ප්‍රකාශ කරන ලදී.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසිනුයි එම පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහය මෙලෙස හිමිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සහය දීමට ගත් තීරණයෙන් පසුව බවද මෙහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.