අඩු සහන පොලියට ණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජීවනෝපායට සවියක් වීමේ අරමුණින් විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් ට නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර තිබෙන බව , අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා, විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක යොමු කරලා. කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා…”

මේ අතර 2022 වසරේ ජූනි මාසයේ 30 වනදා වනවිට එම වසර සඳහා කාන්තාවන් 30,915ක් විදේශ ගතව ඇති බවද, විදේශ ගතවන පුද්ගලයින්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර විදේශ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ දී එම පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් වන බව ද පැවසු අමාත්‍යවරයා, විදේශ ගත වු හා එම පවුල්වල තොරතුරු සොයාබැලීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය කාර්යාල හරහා සංවර්ධන නිලධාරීන් යොදවා ඇතැයි ද කියා සිටියේය.

අමාත්‍යවරයා තව දුරටත් ඒ පිළිබඳ පැහැදිලි කළේය.

“2020 වර්ෂයේ ගෘහසේවය සඳහා කාන්තාවන් 15,322ක්, 2021 වර්ෂයේ ගෘහසේවය සඳහා කාන්තාවන් 29,314ක්. ඒ වගේම 39,915ක් ගිය වසරේ හය වෙනි මාසයේ 30 වෙනිදා දක්වා පමණක් විදේශගත වෙලා තියෙනවා. එතැනින් වැඩි වශයෙන් කුරුණෑගල, නුවර හා කොළඹ දිස්ත්‍රික්කවලින් තමා විදේශ ගතවෙලා තියෙන්නේ. එසේ විදේශගත වීමේ දී සේවා ගිවිසුම් අත්සන් කරනවා. එම ගිවිසුමේ වලංගු කාලය අවුරුදු දෙකයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...