ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂය කැඳවයි. පැය දෙකක සාකච්ඡාවක් !

Date:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙය රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්වී තිබිණි.

සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ “රටේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කළා. දැන් IMF එකේ ඊළඟ කාර්තුවෙන් පස්සෙ ශ්‍රී ලංකාවත් එක්ක වැඩකරන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා කියලා ජාත්‍යන්තරය පිළිගන්නවා, පිළිගත්තාට පස්සෙ, නවත්තලා තියෙන ව්‍යාපෘති ටික පටන් ගන්නවායි කියලා අද අපි තීරණය ගත්තා. ඊළඟට අපි ඡන්දයකට ලෑස්තියි” යනුවෙනි.

සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ “පළාත් පාලන ආයතනවල 8400ක් වෙච්ච සේවකයෝ ඉතාම ඉක්මනින් ස්ථිර පත්වීම් ලබලා දෙන්න ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා කළා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඒ සේවකයින්ට ස්ථිර පත්වීමක් ලබලා දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න. මැතිවරණයක් ගැන කතාවුණේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ මැතිවරණයක් තියන්න ඕනෙ. පොහොට්ටුවයි අපි ඔක්කොම එකතුවෙලා තමයි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා ලබන මාසෙ විතර ප්‍රකාශයට පත්කරයි” කියා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...