අමාත්‍ය රමේෂ් NCPM නියෝජිතයින් හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): අද  (26) පෙරවරුවේදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක්සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විය.

මෙම සාකච්ජාව පැවැත්වූයේ, මෙරට ඖෂධ නිෂ්පාදකයින් හට පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් බව පැවසේ.

මෙහිදි, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් විසින් ඔවුන්හට බලපාන ගැටලු, ඔවුන්ගේ ඉදිරි යෝජනා, අදහස්, සැලැස්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර පවතින ගැටලු වලට කඩිනමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙරට ජනතාවට ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහල ඖෂධ ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම වැඩපිලිවෙල විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවද අවධාරණය කලේය.

දේශීය ඖෂධ නිෂ්පාදකයා රැකගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩ පිලිවෙල ශක්තිමත් කල යුතු බවත්,තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන බවද, වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය ලෝහිත සමරවික්‍රම, උප සභාපති වී.නඩරාජා, ලේකම් නිරෝෂන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...