(VIDEO):පොලීසිය හා බුද්ධි අංශ වහාම ස්වාධීන කරන්න – චම්පික පාර්ලිමේන්තුව රත්කරයි

Date:

කොළඹ LNW: අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ සඳහා පොලීසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතු වන අතර දේශපාලන බලපෑම්වලින් ඒවා මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි පාර්ලිමේන්තුව අමතමින් රණවක මහතා සඳහන් කළේය.

වර්තමානයේදී රටේ බුද්ධි අංශ,විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව තිබේ. පොලිස් ඇමතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකරය. ඒ නිසා ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි රණවක මහතා අවධාරණය කළේය.

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බව ද, හෙතෙම පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේය.

මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වෙයි. එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතුය. එහිදී ස්වාධීනත්වය වැදගත් බව රණවක මහතා පෙන්වා දුන්නේය.

ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටළු ද පාස්කු ප්‍රහාරයට සාධක වී තිබෙන අතර ලද තොරතුරු හෙළි නොකිරීම ද ගැටළුවක් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

2019 වසරේදී ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සමග ද මෙම සිද්ධි දාමය බැඳී තිබේ. ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ රැසක් මතුවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇතැම් නිර්දේශ ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිසම ද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබිණ. ඒවා ක්‍රියාත්මක නොවීමද ගැටලු සහගතය. පරීක්ෂණ මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අතර විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් වූ පුද්ගලයෙකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ද අතිශය ගැටළු සහගත බව පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...