රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?

Date:

පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමට අණ දුන්නේ තමන් විසින් බව SSP කීර්තිරත්න අප්‍රේල් 22 වනදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිළිගෙන තිබුණු අතර ඔහු එම සිද්ධියේදී අනවශ්‍ය පරිදි ගැටුමක් ඇතිකරගෙන ඇතිය යන්න අප්‍රේල් 23 වනදා වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබුණු අතර ඒ පිළිබඳ ඉහළ බලධාරීන්ට දැනුම් දී තිබුණු බවත් ලංකා නිව්ස් වෙබ් අපි අනාවරණය කළෙමු.

ශ්‍රී ලංකාවේ නඩු කල්දැමීමේ ලලිත කලාව පිළිබඳව අපට ඇති අත්දැකීම් අනුව නම් මෙසේ නීතිපති අනුමැතිය නොලැබුණු බව කියමින් ප්‍රමාද කිරීම් සිදුවන්නේ සාමාන්‍යයෙන් යමක් අමතක වන්නට ඉඩහැර යටගසා දැමීමට ය.

මෙකී SSP කීර්තිරත්න යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගේ සමීප ඥාතියෙකු ද වන නිසා නීතිය ක්‍රියාත්මක කෙරෙන ආයතන පසුපස අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි අප දන්නේ නැත.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සිදුවීම වැනි සිදුවීම් සිහිපත් කරන විට පෙනී යන්නේ මේ රහස් පොලිසියටම යමෙකු අත් අඩංගුවට වුවමනාවක් ඇත්නම් ඔවුන් මෙතරම් කල් බලා නොඉඳ පැය කිහිපයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වන බව ය.

චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි දෙදරු පියෙකු ඝාතනයට ලක්වූ මෙම රඹුක්කන වෙඩිතැබීම සිදුවී අදට දින 07ක් ගතව ඇති අතර තවමත් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...