අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලත් ඉහළට. සිලින්ඩරය 5000 ආසන්නයට !

Date:

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4860ක් වේ.

මෙය එකවැර රුපියල් 2185කින් මිල ඉහළ නැංවීමක් වන අතර මෙරට ඉතිහාසයේ මෙවන් ගෑස් මිල වැඩිවීමක් සිදුවූ පළමු අවස්ථාව ද මෙයයි.

මීට අමතරව කි.ග්‍රෑ. 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 874කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රු. 1945කි.

කි.ග්‍රෑ. 2.3 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 407කින් වන අතර එහි නව මිල රු. 910ක් බව සඳහන්.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන කාලය වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පැවතියේ රුපියල් 1495ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...