සති දෙකක් තුළ සුඩානයේ උතුරු ඩාර්ෆූර්හි සිවිල් වැසියන් 480 කට වැඩි පිරිසක් මිය යයි -UN

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙකක කාලය තුළ සුඩානයේ උතුරු ඩාර්ෆූර් කලාපයේ සිදු වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 480 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඊයේ(25)දිනයේදී නිවේදනය කර තිබුණේ, අප්‍රේල් 10 වන දින සිට උතුරු ඩාර්ෆූර්හි අවම වශයෙන් සිවිල් වැසියන් 481 දෙනෙකු මිය ගොස් ඇති බවත්, සැබෑ සංඛ්‍යාව බොහෝ විට බොහෝ සෙයින් වැඩි විය හැකි බවත්ය.

එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සුඩාන ජනතාවගේ දුක් වේදනා සිතා ගැනීමට අපහසු බවත්, තේරුම් ගැනීමට අපහසු බවත්, සිවිල් වැසියන්ගේ ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යාම සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා භයානක බවත්ය.

2023 අප්‍රේල් 15 වන දින අබ්දෙල් ෆට්ටා අල්-බර්හාන්ගේ නායකත්වයෙන් යුත් සුඩානයේ හමුදාව සහ අල්-බර්හාන්ගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් ඩග්ලෝගේ නායකත්වයෙන් යුත් පැරාමිලිටරි ක්ෂනික සහායක බලකාය (RSF) අතර ඇති වූ යුද්ධයේ දී උතුරු ඩාර්ෆූර් ප්‍රධාන සටන් බිමක් බවට පත්ව ඇත.

ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන සුඩාන යුද්ධය හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...