වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 26) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...