සටහන – රුවන් නෙළුගොල්ල
මහාභාණ්ඩාගාරයේ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් සොරකම් කර ඇති බවට විපක්ෂයේ ඇතැමුන් කරන නොමග යවනසුළු ප්‍රකාශවලට හසු නොවනන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
“ඕස්ට්‍රේලියානු රජය පැත්තේ නියෝජිතයා විදියට පෙනී හිඳිමින් අන්තර්ජාලයට ගිහිල්ලා හොර එකවුන්ට් එකක් හදලා. අමාත්‍යාංශයේ නිලධාරීන් නොමග යැවීමක් හරහා ඒ තොරතුරු අරගෙන සමත් වෙනවා යම් ඩොලර් මිලියන 2.5ක මුදලක් එළියට ගන්න. එතැන තියෙන්නෙ වංචාවක්, වැරැද්දක්. එතකොට ඒක අපි දැනගත්ත ගමන්ම අපි මොකක්ද කරන්න ඕනෙ ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර ආයතනත් එක්ක එකතුවෙලා දැන් මේක මාස කිහිපයක් පරීක්ෂණය යනවා. හැබැයි යම් හේතුවක් නිසා ඒ පරීක්ෂණය යන අතරතුරේදී මෙහෙම සිද්ධියක් වෙලාය කියලා සමාජ මාධ්‍යවල ගියාට පස්සෙ ඔන්න විපක්ෂයෙන් විශාල චෝදනා ගණනාවක් එනවා අපෙ එකවුන්ට්වලට සල්ලි දාගෙන, ඔන්න හොරකම් කරලා භාණ්ඩාගාරයේ සල්ලි ටික කියලා. ඉතින් ඒ වගේ මිත්‍යාවන්ට, නොමග යවන ප්‍රකාශවලට අහුවෙන්න එපා. ඇත්තටම තවම 100%ක්ම ඔක්කොම ටික කියන්න බැහැ. මොකද අපි ඇත්තටම දන්නෙ නැහැ මේ වංචාවට නිලධාරීනුත් කැමැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවාද, වෙනත් පාර්ශ්වයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙනවාද කියලා විශාල පරීක්ෂණයක් යනවා. එවැනි අපරාධයක පරීක්ෂණයක් කරනකොට පරීක්ෂණයට බාධාවෙන තොරතුරු සියල්ලම අපි කියන්න ගියොත් වැරදිකාරයොන්ව අල්ලාගන්නත් බැරිවෙනවා”
අනිල් ජයන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමිනි.


