*
Friday, September 27, 2024
spot_img

Latest Posts

ස්වාධින රුමේශිකා නැවත ජයග්‍රහණ අතරට

දකුනු ආසියාතික රන් පදක්කම්ලාභි රුමේශිකා රත්නායක ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පැවති දෙවන තේරිම් තරගවලදී මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්යේම ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූවාය.කලෙකට පසුව ඉසව් දෙකම නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්තා කළ රුමේශිකාගේ දස්කම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන්නට එක් හේතුවක් වන්නේ ඇය සාමාන්‍ය පරිදි මලල ක්‍රීඩාවේ රැදී සිටීම සඳහා හමුදා සෙබළියක ලෙස කිසිඳු හමුදාවකට සමබන්ධ නොවී ස්වාධිනව සිටිමය.ඒ නිසාම ඇයගේ අගය ඔප මට්ටම් කිරීම ජාතික වගකීමක් සේ සිතීම ද ඉහළින් නිර්දේශ නොවීම මෙන්ම ඉහළට අමතක වීම ද සිඳු වී ඇත.
රුමේශිකා ඊයේ මිටර් 100 ඉසව්ව තත්පර 11.96 න් සහ මීටර් 200 ඉසව්ව තත්පර 23.82 න් නිම කරන්නට සමත් වුවා ය.එසේම මීටර් 200 කණිෂ්ඨ තරගයේ ජයග්‍රහණය ලැබූ දිනාරා දෑල බණ්ඩාර මීටර් 100 ඉසව්වේ විවාත අංශයෙන් තරග වඳිමින් තත්පර 12.03 ක දක්ෂතාවයකින් දෙවැන්නිය විම ද අවධානයට ලක් විය යුතු කාරණාවකි.ඇය කොළඹ ගේට්වේ විද්‍යාලයේ ක්‍රිඩිකාවක්ය.

මේ වන විට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය මලල ක්‍රීඩාව හා සසඳද්දී බොහෝ සෙයින් නාවික හා ගුවන් හමුදාවන්ට අහිමි වි එය හුදෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ආධිපත්‍යයට නතුව තිබෙන බව ඊයේ තේරිම් තරග ප්‍රතිපල දකිද්දි පැහැදිළි කර ගැනීමට හැකිය.බොහෝ තරගවලදී දකින්නට ලැබුණේ ශ්‍රී ලංා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ගැටුමක්ය.බොහෝ විට නුදුරු දිනෙක එම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අධ්‍යාපනය කෙතරම් ඉහළ මට්ටමකින් නිමා කළ ද තමන් ආදරය කරන මලල ක්‍රීඩාව වෙනුවෙන් හමුදා සෙබළෙක් හෝ සෙබළියක වීමට පෙළඹෙනු ඇත.

රජය මැදිහත්ව, ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත්ව කළ යුත්තේ ක්‍රීඩා පණතට ඇමැති ඒකාධිපතිකම ඇතුළත් කර ගැනීමේ උවමනාව පසෙකලා රට තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවශ්‍යය පහසුකමක් හැටියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් අධ්‍යාපනික පසුබිමක් යටතේ රැකියා කිරිමට අවශ්‍යය පසුබිම විමධ්‍යගත කිරිමය.තරග ඉසව්වක් ගත් විට එක ඉසව්වකින් දුසිමක් පමණ එක හමුදාවක සිටින තත්ත්වය වෙනුවට ඒ තත්ත්වය ඇති කිරිමේ වැදගත්කම ක්‍රීඩා භාර පිරිස් තේරුම් ගැනිම වැදගත්ය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා කරන්නේ ලෝක ක්‍රීඩා සම්මේලන සංගම්වල නීතිමය පදනම ද ඉක්මවා තමන්ට රටේ ක්‍රීඩාවේ බලයක් ඇතැයි පෙන්විම වෙනුවෙන් ක්‍රියා කර ලංකාවේ ක්‍රීඩාවට ලෝකය තහනම් කළාපයක් විය හැකි මට්ටමේ අවදානම් වැඩ කිරීමය.

නදීශා රාමනායක මීටර් 400 ඉසව්ව තත්පර 52.80 න් නිම කරමින් කලෙකට පසුව දක්ෂතා අතරට පැමිණියා පමණක් නොව තමන්ගේ හොඳම කාලය ද වාර්තා කරන්නට සමත් වූවාය.ඇයට ඉදිරියෙන් සිටින්නේ මිටර් 400 ජාතික වාර්තාව හිමි දමයන්ති දර්ශා සහ චන්ද්‍රිකා සුභාෂිණි පමණය.එසේම ඩිල්සි කුමාරසිංහ ආබාධයෙන් පසුව තරග පිටියේ පළමු වරට තමන් ආබාධයට ලක්වන විට ජාතික වාර්තාව හිමි කර ගෙන සිටි කාන්තා මීටර් 800 ඉසව්ව ජය ගත්තාය.ඒ විනාඩි 1;04.33 ක දක්ෂතාවයක් දක්වමින්ය.ඇයගේ සුපුරුදු දක්ෂතාවය එය නොවුණත් මෙය බලාපොරොත්තු නැවත ඇති කර ගැනීම පිණිස දුන් උත්තේජනයක්ය.ඇය මීටර් 400 ඉසව්වට ද තරග කළ අතර එහිදි තත්පර 55.62 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වූවාය.

සාරංගි ද සිල්වා මීටර් 6.42 ක දක්ෂතාවයක් දක්වමින් කාන්තා දුර පැනිම ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය. මේ වන විට ජපානයේ පැවත්වෙන තරගාවලියක් වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයමින් සිටින මොහොතක ඇය ලැබූ මේ ජයග්‍රහණය,කාලයෙන් වැඩි ඉඩක් මුදල් සොයමින් දිවිම වෙනුවට තමන්ගේ ඉසව්වේ පැනීම පුහුණුවීමට යොදා ගන්නට හැකි වූවා නම් සමහර විට මීට වඩා දුරක පිම්මක් ඇයට හිමි වන්නට තිබිණ.
කාලිංග,අරුණ දර්ශන,සෙනුර ගුණරත්න වැනි ක්‍රීඩකයන්ගෙන් සහභාගීත්වයෙන් තොරව පැවති මීටර් 400 ඉසව්වේ දි ඊයේ දිනයේත් තත්පර 46 සීමාවේ ධාවනය කළ ක්‍රීඩකයින් සිව් දෙනෙකුම දකින්නට ලැබීම සතුටට කරුණකි.එය මේ මොහොතේ ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ගැන සිතන්නට හැකි හොඳම සහය දිවීමේ ඉසව්ව බව බලධාරීන් තේරුම් ගෙන එම කණ්ඩායමට නිරන්තරයෙන් තරග අත්දැකිම් දිය යුතු තත්ත්වයක් වුව කිසිවෙක්ගේ අවධානය ප්‍රමාණාත්මකව එයට හිමි වි නැත.

තරගාවලියක ප්‍රතිපල සටහන දෙස බලා දුක් වන්නට හෝ සතුටු වන්නට යාමට වඩා ඒ හරහා ලංකාවේ ක්‍රීඩාවේ හැඩය සහ බලය පුළුල්ව විමධ්‍යගත විය යුතුය යන්න කියවා ගත හැකිනම් අපූරුය.නමුත් දකින උඩ පෙළ සහිත ප්‍රතිපල හැරෙන්නට ඒ හරහා ජයග්‍රහන හෝ පරාජ නොවන ව්‍යාප්තියේ සංස්කෘතිකමය දුබලතා ගැන කතා කරන්නට බලධාරීන්ට බුද්ධිය පහළ වන්නේ නැත.ක්‍රිඩකයින්ගේ සවියෙන් පමණක් ජයග්‍රහණ නොපැමිණෙන අතර පාලකයාගේ බුද්ධියද ඊට එක් විය යුතුය.නමුත් පාලකයා සිටින්නේ වඳුරාට කඩුව හමු වූ ආකාරයේ මානසිකත්වයෙන්ය.වටේටම කඩුව වනන හෙතෙම නුදුරු දිනෙක ආණ්ඩුව ද කපා දමන කඩු පහරක් එල්ල කළ හැකිය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan