රාජිතගේ නඩුව කැදවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී සංශෝධිත චෝදනා පත්‍ර දුන් අතර, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියේ, අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නොමැති බවය.

ඒ පිළිබඳව පරීක්ෂාකර නැවත දැනුම්දීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට කල් දුන් විනිසුරුවරයා අනතුරුව නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 16 වනදා කැඳවන ලෙස නියම කළ අතර , එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනාකොට එවකට ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...