“වසත් සිරිය 2024” අවුරුදු උත්සවය දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්!

Date:

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (27) පෙ.ව 7.00ට කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දි ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටී.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය.

මෙම අවස්ථාවන් සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන්ද මහත් උනන්දුවෙන් එක්ව සිටී අතර ඔවුන් වෙනුවෙන් ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

වැඩිහිටි ජනතාව සහ කුඩා ළමුන් ද දැඩි උනන්දුවකින් යුතුව තරග ඉසව් සඳහා එක්ව සිටී අතර ජයග්‍රහණය කළ සෑම අයෙකුටම තිළිණ ලබා දීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...