*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

(VIDEO):මහින්දානන්දට පොට මාරුවීම සහ කාදිනල් හිමියන් නුහුරට පෙනෙද්දී ඩිලාන් මහින්දානන්දට ගහපු කනේ පාර!

කොළඹ LNW:ගෙවුණු සතියේද වැඩි අවධානයක් යොමුව තිබුණේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දින තුනක් පුරා පාර්ලිමේන්තුවේ පැවති විවාදය දෙසටය.

ප්‍රහාරයෙන් වසර පහක් ගතව ඇතත් ඊට යුක්තිය හා සාධාරණය ඉටු නොවීම මෙහිදී අතිශය වැදගත් කාරණයක්ව තිබෙනවා.

විමර්ශන පවා අවසන් නොවුණු පසුබිමක පාර්ලිමේන්තු විවාද නම් මදි නොකියන්නට කර තිබෙන නමුත් විශේෂයෙන් ප්‍රහාරයේ වින්දිත පාර්ශවය වන කතෝලික ප්‍රජාව තුළ ඇත්තේද යුක්තිය ඉටු වීම සමබන්ධයෙන් වන අපේක්ෂාභංගත්වයක්.

ජාතික ආරක්ෂාව තහවුරු කර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන බවට පවසමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂද අවසානයේ කතෝලික ප්‍රජාවට පමණක් නොව රටටම පස්ස හැරවීම ගැන හොඳම කතාව කීවේ කාදිනල් හිමිපාණන් වහන්සේ.

තමන් ගෝඨාභය රාජපක්ෂගේ බහට රැවටුණු බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සෘජුවම සමාජයට පවසා ඇති තත්ත්වයක විශේෂයෙන් පොහොට්ටුවේ රාජපක්ෂවාදීන්ට නම් එය හොඳටම රිදී ඇති බවට පාස්කු විවාදයේදීද පෙනෙන්නට තිබුණා.

ඔවුන් කාදිනල් හිමිපාණන් වහන්සේ බිත්තියට හේත්තු කරන්නට දැරූ උත්සාහය තුළ දේශපාලනික අවස්ථාවදිකම මානව පෙන්නුම් කරන්නක් වූ බව නම් පැහැදිලිවම කියන්න වෙනවා.

විශේෂයෙන් පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාස්කු විවාදයේදී සෘජුවම කාදිනල් හිමියන් ප්‍රශ්නකරමින් උන්වහස්සේට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ උන්වහන්සේ පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරන්න සැරසෙන බවට චෝදනා එල්ල කරමින්.

උතුරේ යුද්ධයත් පාස්කු ප්‍රහාරයට ඈදාගනිමින් වෙනත් මතයක් ගොඩනැගීමට මහින්දානන්ද අලුත්ගමගේ උත්සහ කරන ආකාරයද ලජ්ජා සහගත ය.

උතුරේ යුද්ධය සමයේ බෞධාගමිකයින් ඉලක්ක කරගනිමින් සිදු වූ අපරාධ සහ පාස්කු ප්‍රහරය යනු සිදුවීම් ලෙස ගත්තද එකිනෙකට වෙනස්ය.

මෙතන හොඳම කාරණය වන්නේ කාදිනල් හිමිපාණන් වහන්සේ පාස්කු සිදුවීම දේශපාලනීකරණය කිරීමට උත්සහ දරන බවට චෝදනා එල්ල කිරීමයි..

කෙසේවෙතත් එදා ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරමින් ගෝඨාභයගෙන් පාස්කුවට යුක්තිය ඉටුකරගැනීමට අපේක්ෂා කරන විට එය දේශපාලනය නොවේද යන ප්‍රශ්නය මෙහිදී නැගිය යුතු වෙනවා. එදා පාස්කු ප්‍රහාරය හා දේශපාලන හොඳ වීමටත් අද කාදිනල් හිමියන් විසින් එදා විශ්වාසකළ වුන් අද බැහැර කිරීමත් නිසා ඇතිව තිබෙන දේශපාලන ඝට්ටනය නරක වීමටත් හැකිද?

තමන් ඇතුළු කතෝලික ප්‍රජාව මුලාවේ වැටුණු බවට තහවුරු වී තිබියදී තවදුරටත් ඔවුන් මත විශ්වාසය තබන්නේ කෙසේද යන්න හෝ අලුත්ගමගේලා පැහැදිලි කල යුතු වුවද ඒ වෙනුවට කාදිනල් හිමියන් බිත්තියට හේත්තු කරමින් දේශපාලනය කළේ මහින්දානන්ද බවට සරළවම පෙනෙන්නට තිබෙන කාරණයයි.

ඊට හොඳම ප්‍රතිප්‍රහාරය එල්ල කළේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාය.

ඩිලාන් පෙරේරා මහින්දානන්දට ඇන්න ටොක්ක මේ මොහොතේ ජාතික අවශ්‍යතාවක් බවද කිව යුතුමය.

පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරමින් ගෝඨාභයට රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව බලයට පැමිණීම සහ තවදුරටත් එය නඩත්තු කිරීමට ගන්නා උත්සාහය දේශපාලන කිරීමක් නොවේද යන්න මහින්දානන්ද නොදන්නවා නොවේ.

ජාතික මැතිවරණ අපේක්ෂාවන් පවතින පසුබිමක මෙවරත් දේශපාලන වේදිකාවේ පාස්කු යුක්තිය ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

එයට කතෝලික සභාවද ඌණපූරණය සපයා ඇති තත්ත්වයක මහින්දානන්දලාට එය නරක වීම සාමාන්‍ය දෙයක්. එහෙත් පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටුවන බවට ඔවුන්ට දැනෙන්නේ නැත්නම් එයටද මහින්දානන්දලාගේ ආණ්ඩු කෙරුවාව වගකිව යුතු නොවේද?

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan