කැබිනට් – රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් වීමට තමයි අපි ඒ කණ්ඩායම් රැස්වීම තිබ්බෙ. හැබයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොච්චර හයිය දෙන්න හැදුවත් සමස්ත ආණ්ඩුවටම විරුද්ධව මතයක් ඇතිවෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දරණ මතය තමයි ජනාධිපතිතුමාට ඕනෑම පක්ෂයක අය එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න ඕනෑයි කියන එක. අගමැතිතුමා වෙන්න පුළුවන්, සමස්ත කැබිනට් මණ්ඩලය වෙන්න පුළුවන්, රාජ්‍ය ඇමතිවරුන් වෙන්න පුළුවන් අපි සියලු දෙනාම අයින්වෙලා ජනාධිපතිතුමාට මේ අවස්ථාව දෙන්න ඕනෙ. හෙට දවසේදී ජනාධිපතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරනවා. බහුතර මන්ත්‍රී කණ්ඩායමක්ම ලෑස්තියි ජනාධිපතිතුමාට වුවමනා ආකාරයට මේක කරගන්න අවස්ථාව ලබාදෙන්න. අද අපි කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුත් රාජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකුත් ගිහිල්ලා ජනාධිපතිතුමාට මේ යෝජනාව කළා. 10 දෙනෙක් විතර ගියා. මේක කල් අරින්න බෑ, මේක අද හෙටම වෙන්න ඕනෑ”

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...