*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

මහනාහිමිවරුන්ට එකඟ වීම

ඈත අතීතයේ සිටම මහනාහිමිවරු පාලකයන්ට වැදගත් උපදේශන සපයමින් රාජ්‍ය පාලනයට අනියම් ලෙසින් සහභාගිත්වය දැක් වූහ.

ඒ රට ජනතාව හා අනාගත පැවැත්ම ගැන සලකමින්ය. දුටුගැමුණු මහරජුගේ රට එක්සේසත් කිරීමේ මහ මෙහෙයුමට ද සංඝපීතෘවරු සහභාගි වූහ. ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය පරාජය කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතාට සංඝරත්නයේ ආශීර්වාදය ලැබිණි. වර්තමානයේ ද රට හා ජනතාව අතිශය දුෂ්කර අඩියකට වැටී ඇත. එය විසඳීමට අදාළ යෝජනා ගණනාවක් සහිත සන්දේශයක් මහනාහිමිවරු ජනාධිපතිවරයාට භාර දුන්හ. එහි එන සෑම යෝජනාවක්ම වැදගත්ය. ජනාධිපතිවරයා සිය පිළිතුරු ලිපියෙහි සඳහන් කර ඇත්තේ උන්වහන්සේගේ යෝජනා ගෞරවයෙන් පිළිගත් බව හා ඒ අනුව ක්‍රියා කරමින් සිටින බවය. අපේ අර්බුදයේ ප්‍රධාන පැතිකඩ තුනක් තිබේ. ඉන් පළමුවන්න ආර්ථික අර්බුදයයි. දෙවන්න දේශපාලන අවුලයි.

තෙවන්න මහජනයා පාරට බැස අරගලයක යෙදී සිටීමයි. රටේ සමස්ත අර්බුදය එම කොටස් තුනට අනුව විග්‍රහ කළ හැකිය. එලෙසම අර්බුදයේ සෑම අවස්ථාවක්ම එකිනෙකට සම්බන්ධය. නිදසුනක් ගතහොත් ආර්ථිකයේ කඩා වැටීම නිසා ජනතාව පාරට බැස තිබේ. ජනතාව පාරට බැසීම නිසා දේශපාලන අවුලක් ද නිර්මාණය වී ඇත. මේවා එකිනෙක පියවරෙන් පියවරට පරෙස්සමෙන් විසඳා ගත යුතුය.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක රැඳී සිටිමින් ගැටලුවලට ස්ථාවර විසඳුම් සෙවීම සඳහා තම මුළු කාලයම යොදවා ඇති බවය. කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම, මූල්‍ය ස්ථායීභාවය ගොඩ නැගීම සඳහා ජගත් ආයතන සමඟ සාකච්ඡා කිරීම, ආර්ථිකය හරි පාරට ගැනීම සඳහා පරිණත ආර්ථික විශේෂඥයන් පත් කර ගැනීම නව ක්‍රියාදාමයේ වැදගත් අවස්ථා ලෙස සැලකිය හැකිය. රට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට නොගතහොත් කිසිදු ගැටලුවක් විසඳා ගත නොහැකිය.

ඒ අනුව ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වෑයම බවට පත්වී ඇත.මහනාහිමිවරුන්ගේ එක් යෝජනාවක් වූයේ දුක් විඳින ජනතාවට වහාම සහන සැලසිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ සඳහා ආණ්ඩුව මේ වනවිටත් ගෙන ඇති පියවර සුබවාදී බව පෙනී යයි. ලෝක බැංකුව ඩොලර් කෝටි හැටක මූල්‍ය පහසුකමක් ලබාදීමට එකඟතාව පළ කර ඇත. ඒ මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වෙන් කිරීමට ද අන්ත දිළිදු සමාජ කණ්ඩායම් සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද යොදවන බව ප්‍රකාශ වී ඇත. මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා සාර්ථක බව ද වාර්තා වී ඇත. අයි.එම්.එෆ්. ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇත.ජනාධිපතිවරයා මහනායක හිමිවරුන්ගේ යෝජනා පිළිගැනීමත් ඒ අනුව ක්‍රියාත්මක වීමත් යහපත් දේශපාලන සලකුණක් සේ සැලකිය හැකිය.

#ඇත්ත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan