අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වුණු SSP කීර්තිරත්න පොලිස් රෝහලේ හැංගිලා !

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩි තැබීමට නියෝග කර නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළ කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටින බව වාර්තා වේ.

අත් අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ඔහු මෙසේ මීට පැය තුනකට පමණ පෙර පොලිස් රෝහලට පැමිණ එහි නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. ඔහු වෛද්‍ය හර්ෂණී ප්‍රනාන්දුගේ වාට්ටුවෙහි නේවාසිකව සිටින බව වැඩිදුරටත් වාර්තා විය.

SSP කීර්තිරත්න යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිගේ සමීප ඥාති සහෝදරයකු ද වේ.

අත් අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති අවස්ථාවලදී කලින්ම ගොස් රෝහල්ගත වීම යනු මෙරට දේශපාලනඥයින්, ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බලවතුන් විසින් නීතියට වංගු දමමින් කාලයක් තිස්සේ කරගෙන යන ක්‍රියාවලියකි.

“අපට කොහෙද ශැංග්‍රිලා – අපිත් ඉන්නෙ හැංගිලා ….” – වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න

සබැඳි පුවත් –

http://139.59.240.222/04/27/15062/
http://139.59.240.222/04/23/14573/
http://139.59.240.222/04/20/14253/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...