ශ්‍රී ලංකා කාන්තා බේස්බෝලය ආසියාවේ ඉස්සරහට තල්ලු වෙන්න දරන උත්සාහයක

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:

ආසියානු බේස්බෝල් සූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා තායිලන්තයේ පවත්වනු ලබන කාන්තා බේස්බෝල් තරගාවලියේ මුල් කණ්ඩායම් හතරට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව අසමත් වුණත් පස්වන ස්ථානයේ සිට අටවන ස්ථානය දක්වා වන ස්ථාන සඳහා වන සටනේදී මැලේසියාව පරාජය කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාව මෙම තරගයේදී පහසුවෙන් ජය ගත් අතර අවසාන ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 16 – 5 ක් ලෙසයි.ඒ අනුව ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ පස්වන සහ හයවන ස්ථානයකට යාමට අවශ්‍යය ඉඩ සහතික කර ගන්නට සමත් වී සිටිනවා.ඒ අනුව අප්‍රේල් 28 වන දා ශ්‍රී ලංකාව තරග කරන්නට නියමිතව සිටින්නේ කාම්බෝජියාව සමඟයි.


ශ්‍රී ලංකාව මූලක වටයේදී ලකුණු 13 – 0 ක් ලෙස පරාජය කළ ඉරානය ලකුණු 23 – 13 ක් ලෙස පරාජය කරමින් කාම්බෝජියාව මේ තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...