හරීන් කැබිනට් ඇමතිකම අත්හරීද ?

Date:

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සති ගණනාවකදීම කැබිනට් රැස්වීම්වලට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

රාජ්‍ය පාලනයේ ඉහළම තීන්දු තීරණ අනුමත කෙරෙන විධායකය වන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කැබිනට් අමාත්‍යවරයකුගේ ප්‍රධානතම වගකීමක් වන්නේ කැබිනට් සාමුහික වගකීම දරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමයි.

ඒ අනුව මෙසේ දිගින් දිගටම කැබිනට් රැස්වීම් මඟ නොහරින ලෙස සෙසු කැබිනට් අමාත්‍යවරුන් ද හරීන් ප්‍රනාන්දු මහතාට පවසා ඇතත් එම ක්‍රියාපිළිවෙතෙහි වෙනසක් සිදුව නොමැති බවත් සඳහන්.

මෙම තත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද විශේෂ අවධානයට ලක්ව ඇති අතර නුදුරේදීම ඒ මහතා විසින් මේ පිළිබඳව පුද්ගලික මට්ටමින් සාකච්ඡාවක් පවා කැඳවන තත්වයක් නිර්මාණය වී ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...