- බැංකු සේවා සහ කොටස් වෙළඳපොල කඩා වැටුණත් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම අත් හිටුවන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: මේ පිළිබඳ වගකීම දරමින් ආර්ථිකය සමඟ ඉදිරියට යන මෙන් බැංකුවලින් ඉල්ලා සිටියි: කොටස් වෙළඳපොල කඩා වැටුනහොත් තමා එය වසා දමන බවට ද අනතුරු අඟවයි.
- දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම කළ හැකි කාර්යයක් නොවනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය (සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ගුරු) බන්ධුල ගුණවර්ධන පවසයි: 2015 – 2019 කාලය තුළ ලබා ගන්නා ලද ඇ.ඩො. බිලියන 12.5 තරම් වූ අතිවිශාල ණය පිළිබඳව ද සිහිපත් කරයි.
- හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ “අරගලය” පාලනය කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි: ගෝඨාභය රටින් පලා යන විට, තම ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර ඔහු ලවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයෙන් නෙරපා දැම්මවීමට ඉන්දියාවට සහ එක්සත් ජනපදයට අවශ්‍යව තිබූ බව පවසයි: රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබුවේ ඔහු මානසිකව වට්ටවා බලෙන් ධුරයෙන් ඉල්ලා අස්වන තැනට පත්කිරීමට විය හැකි බවට අදහස් පළ කරයි: ගෝඨාභය ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ජනාධිපතිධුරය භාරගන්නා මෙන් එක්සත් ජනපද තානාපතිවරිය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද පවසයි.
- පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් දියත් කර ඇති විමර්ශන පිළිබඳව කාදිනල් හිමිපාණන් “නොසන්සුන්” බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි: කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂය වන්නේ තමා පෝරකයට යැවීම පමණක් බව පවසයි: මේ හා සමාන ත්‍රස්ත ප්‍රහාරයන්වල විමර්ශන කටයුතු අවස් කිරීමට බොහෝ රටවලට වසර 10 – 15 ක කාලයක් ගතව ඇති බව ද පවසයි.
- එල්.එස්. පතිනායක, අජිත් රෝහණ, එස්.සී. මැදවත්ත සහ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරන් සත් දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීම හමුවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙයි.
- තවත් මූල්‍ය-තාක්ෂණ සමාගම් අරමුදල් ගැටළු සහ වෙනත් ආයතනික ගැටළු හමුවේ වෙනත් රටවලට මාරුවෙමින් සිටින බව කර්මාන්ත අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි: මූල්‍ය නවෝත්පාදනවල ගැටළු පවතින විට, නියාමකවරයකුගේ අධීක්ෂණය මත පාලිත වටපිටාවක් තුළ ඒවා පරීක්ෂා කිරීමට (live testing) කුඩා පරිමාණයෙන් අවකාශ සපයා දීම සඳහා මහ බැංකුව විසින් හඳුන්වා දුන් වැඩරාමුවක් වන “ෆින්ටෙක් සෑන්ඩ්බොක්ස්” (Fintech sandbox) විසින් කර්මාන්තයට සැලකිය යුතු මට්ටමක සේවාවක් ලබා දී නොමැති බව ද පවසයි.
- මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සහ රජයේ සේවාවක් වාණිජමය වශයෙන් තිරසාර ලෙස පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට “අධිකාරියක” ව්‍යුහය වඩාත් සුදුසු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: වසර 02 ක ආදායමක් ද සහිතව රට පුරා දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ආදායමක් රජයට ලබා ගැනීමට දුම්රිය අධිකාරියකට හැකිවනු ඇති බව ද පවසයි.
- ඉන්දියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුළ දී සිය ගෙවීම් ඉන්දියානු රුපියල්වලින් සිදුකිරීමට ඉඩ අවකාශ ලබා දීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: දෙරට අතර ඩිජිටල් ගෙවීම් අතුරුමුහුණත් (interfaces) සම්බන්ධ කිරීමට සහාය පළ කරයි.
- තට්ටු 08 කින් සමන්විත වර්ග අඩි 50,000 ක කලාපයක් ආවරණය කරන නව බාහිර රෝගී දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල කොළඹ ජාතික රෝහලට ලබා දීමට චීන තානාපති ඛි ෂෙන්හොංග් (Qi Zhenhong) කටයුතු කරයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ ජනාධිපතිධුර කාලය තුළ කළ ඉල්ලීමක් මත මෙම ව්‍යාපෘතිය පරිත්‍යාග කිරීමට චීනය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. චීනය විසින් ලබා දී තිබෙන තනි අරමුදලක් තුළ ක්‍රියාත්මක වන විශාලතම ව්‍යාපෘතිය මෙය බව ද පවසයි.
- කොළඹ නාලන්දා විද්‍යාලයේ ජාත්‍යන්තර චෙස් ශූර සුසල් ද සිල්වා සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ ශූරිනී දහමදි සනුඳුලා ශ්‍රී ලංකා විවෘත සහ කාන්තා ජාතික චෙස් ශූරතාවලියේ ශූරතාව දිනා ගනිති: මෙය සුසල් ද සිල්වා විසින් ජාතික ශූරතාවය පිට පිටම ලබා ගත් තුන්වන අවස්ථාව වේ.
