මහර රැඳවියන්ට වෙඩිතැබීම අපරාධයක්. නිලධාරීන් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග !

Date:

බන්ධනාගාරය තුළ කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙසත් කොරෝනා වෛරසය වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලමින් 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා එහි රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීම අපරාධයක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩවිදාන මහතා ඊයේ (26) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අවසන් තීන්දුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරමිනි.

මෙහිදී මියගිය රැඳවියන්ට වෙඩි වැදී ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩිතැබූ බවක් පෙනෙන්නට නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩිතැබුවේද යන සැකය මතුවන බවත් සඳහන් කළේය.

එසේම මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා දණහිසින් පහළට වෙඩිතැබීමට අණදුන් බවටත් ඒ අනුව කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන්ට දණහිසින් පහළට වෙඩිතැබූ බවටත් නිලධාරීන් සාක්ෂි ලබාදී තිබුණ ද මරණයට පත්වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩිවැදී නොතිබුණු බවත් එම රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුව තිබුණේ ඔවුන්ගේ හිස, පපුව, උදරය වැනි ප්‍රදේශවලට වැදුණු වෙඩි පහරවලින් ඇතිවූ තුවාල හේතුවෙන් බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී පැවසීය.

මරණයට පත්වූ රැඳවියන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම වෙඩිතැබීමට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පවසමින් ඔවුන්ගේ මෘතදේහ වහාම ආදාහනය කර, මෙම අපරාධය යටගැසීමට එවකට බලධාරීන් ගත් උත්සාහය ව්‍යර්ථ වුණේ නීතීඥවරුන් පිරිසක් මැදිහත්ව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...