*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව ගල්වුනා ද, ගල්කළා ද?

දැන් අපි ඉන්නේ අප්‍රියෙල් මාසේ අවසන් සතියේ.මේ වෙනකොට කාගෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ මැයි දිනය ගැන.අද අපේ රටේ මැයි දිනය නමට විතරක් කම්කරුවාගේ දවස බවට පත්වෙලා.අද මේ රටේ මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂවල බලය පෙන්නන සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ පම්පොරි කතා ඇහෙන දවසක් විතරයි.කොහොම උනත් අද රටේ ජනතාවගේ උනන්දුව මැයි පෙලපාලි සහ මැයි රැලි කීපයක් සම්බන්ධව හැදිලා තියනවා.ඒ ජාතික ජන බලවේගයේ මැයි පෙලපාලිය සහ රැලිය ගැන. සමගි ජන බලවේගයේ මැයි රැලිය සහ පෙලපාලිය ගැන.ශ්‍රිලනිප මැයි රැලිය ගැන ලොකු උනන්දුවක් නැති උනත් පුංචි කතා බහක් ඒ ගැනත් හැදිලා තියනවා.ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් බලද්දී එජාප සහ පොහොට්ටුවේ මැයි රැලිය ගැන ජනතාවගේම අවධානය යොමුවෙලා තියනවා.

මෙතනදී ජාජබය,සජබය අතර ගැටුම් තිබුණත් ඒ දෙගොල්ලොම ආණ්ඩු විරෝධී ස්ථාවරයක හිටියා.ශ්‍රිලනිපය ආණ්ඩු විරෝධය හරි ආණ්ඩුට සහය දැක්වීමේ ක්‍රියාව හරි හරියට කළේ නෑ.තවමත් එයාලා ඉන්නේ අතරමං වුන තැනක.පහුගිය දවසක ශ්‍රිලනිප නායක මෛත්‍රි කියලා තිබුණේ ශ්‍රිලනිපය IMF ක්‍රියාවලියට වගේම ප්‍රති ත්‍රස්ත පනතටත් පක්ෂයි කියලයි.මෛත්‍රි ජනාධිපති විදිහට ඉන්න කාලේ යහපාලනය ආණ්ඩුව IMF එකත් එක්ක ගනුදෙනු කළා. ඒක නිසා මෛත්‍රි IMF ක්‍රියාවලියට එකඟ විම සාධාරණයි.ඊළගට අපේ රටේ ආර්ථික අර්බුදයට ළග පෙනෙන විසදුමක් විදිහට එයාලා දකින්නෙත් IMF ක්‍රියාවලිය හින්දා මෛත්‍රිට එහෙම තීරණයක ඉන්න අයිතියක් තියනවා.හැබැයි මෛත්‍රිට ප්‍රතිත්‍රස්ත පණතට එකඟ වෙන්න කිසිම අයිතියක් නෑ.රනිල් හොඳ දෙයක් කරනවා නම් ඒකට එකඟ වුනාට කිසිම ප්‍රශ්නයක් අපට නෑ. එහෙනම් මෛත්‍රිට ඉස්සෙල්ලා අපි ඒකට එකඟතාවය පළ කරනවා.

හැබැයි රනිල් කරන හැමදේකට එකඟ වෙනවා කියන්නේ දේශපාලන නිවටකමක්.මෛත්‍රී ඔය කියන මතයේ නම් ඉන්නේ මෛත්‍රිටත් තියෙන්නේ නිමල් සිරිපාලලා වගේ,මහින්ද අමරවීරලා වගේ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ආණ්ඩුවට යන්න. රාජපක්‍ෂලා පැනලා ගියාට පස්සේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති වුනා. දිනේෂ් අගමැති වුනා. රනිල් තවමත් පවත්වාගෙන යන්නේ අවසාන වශයෙන් ගෝඨාභය හදපු කැබිනට් මණ්ඩලය.ඒකේ පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇති.රනිල් ජනාධිපති වෙලා ඉස්සෙල්ලාම ගියේ ගංගාරම පන්සලට.එතනදී රනිල් කිව්වේ තුන් වෙල කන රටක් හදනවා කියලා.ඒ කියන්නේ රටේ ආර්ථික හදනවා කියලා.ඒ වගේම නීතිය සහ සාමය ආරක්ෂා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා.ඇත්තටම රට යථාවත් කරන්න රනිල් මොකුත් කළේ නෑ කියන කුහක තැනක රටේ රාළ නෑ.රාජපක්ෂලා රටට කරපු විනාශය නතර වෙන්න තිබුණේ මෙහෙම නෙවෙයි.එහෙනං අපි නතර වෙන්නේ අපි ඉතිහාසයේ දැකපු ඉතියෝපියාව හරි සෝමාලියාව හරි බවට පත්වෙලා.

රනිල් එතෙන්ට රට වැටෙන්න දුන්නේ නෑ.රනිල් රට සන්සුන් කළා. රනිල් පිලිගන්න ආර්ථික විද්‍යාවට අනුව IMF ගිහින් ණය ගත්තා.ණය ප්‍රතිව්‍යුහගත කරන සහතිකය ගත්තා.රනිල්ගේ මේ ගමන ඇතුලේ රනිල්ට සහය දුන්නේ පොහොට්ටුව බව පිලිගන්න ඕනි.එදා රාජපක්ෂලා යටතේ පීඩනයෙන් වැඩකරපු ඇමතිවරු අද රනිල් යටතේ පහසුවෙන් වැඩ කරනවාත් ඇති. ඇත්තටම සමහර ක්ෂේත්‍රවල ප්‍රගතියක් තියනවා.ඒ ජයග්‍රහණය ගන්න කොට ඒ අයිතිය ගන්න හැම වෙලේම රාජපක්ෂලා දුවගෙන ආවා.එදා රනිල් පොහොට්ටුවේ ජනාධිපති.එදා රනිල් ගියේ හරි පාරේ.හැබැයි අද පොහොට්ටුව කියන විදිහට රනිල් පොහොට්ටුවේ ජනාධිපති නෙවෙයි.රනිල් ශ්‍රී ලංකාවේ ජනාධිපති.අද පොහොට්ටුව කියන්නේ ජනාධිපතිගේ අභිමතයන්ට අපි බාධා කරන්නේ නෑ කියලයි.ඒ කතාවෙන් පේන්නේ රනිල් සහ පොහොට්ටුව එක මතයක නෑ කියන එකයි.ඒක හොදින්ම නිරූපනය වෙන තැන බවට මේ මැයි දිනය පත්වෙන එක නවත්තන්න බෑ.රට ගොඩදාන්න ආපු ආණ්ඩුවට එකට මැයි රැලිය තියන්න බෑ.

රනිල් කියන්නේ රනිල් නිර්පාක්ෂික නිසා එජාප මැයි රැලියටවත් යන්නේ නෑ කියලා.පොහොට්ටුව වෙනමම මැයි රැලියක් කරනවා. එයාලා Promote කරන්නේ පොහොට්ටුව.අර රට විනාශ කරපු සාටක සෙට් එක.එතකොට මෙතන ආණ්ඩුවක් කෝ.ඇත්තටම රනිල් සහ පොහොට්ටුව එකට යනවා නම් ආණ්ඩුවක් විදිහට එක මැයි රැලියක් තියන එක තමයි දේශපාලන වශයෙන් හරි.රනිල් සහ දිනේෂ්ගේ මූලිකත්වයෙන් ආණ්ඩුවට මැයි රැලියක් තියන්න ඕනි තරම් ඉඩ තිබුණා.එහෙම කළා නම් මේ රටේ ආණ්ඩුවක් තියනවා කියලා ජනතාවට තේරෙනවා.දැන් නමට ආණ්ඩුවක් තිබ්බට ඒ ආණ්ඩුව ඇතුලේ සමගියක් නැති බව පේනවා.පොදු එකඟතාවයක් නෑ.ඔහේ යන්නංවාලේ යන ආණ්ඩුවක් තියනවා.ඇත්තටම රනිල් සැලැස්මක් සහිතව යන බව IMF ණය ගන්නකං පෙනුනා.ඒ සැලැස්මට අපි එකඟ උනත් නැතත් රනිල් ඒ සැලැස්ම දිගේ ඉස්සරහට ආවා.ඒ ගමන ඇතුලේ රනිල්ගේ ඉලක්ක දෙකම පැහැදිලිව පෙනුනා.

රනිල් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන යන ගමනත් ඒ වෙනුවෙන් රටේ ආර්ථිකය ගොඩදාන්න ගන්න උත්සාහයත් පැහැදිලිව පෙනුනා.තවමත් රනිල්ගේ ජනාධිපතිවරණ උවමනාව ඒ විදිහටම තියන බව පේනවා.ඒත් රනිල්ගේ රට ගොඩදැමීමේ වැඩපිලිවෙල එකපාරට ගල්වුනා,දැන් රනිල්ගේ ආණ්ඩුවේ තියෙන්නේ හරිම ගුප්ත ස්වභාවයක්.කිසිම දේකට වගකිව යුත්තෙක් නෑ.ගොඩක් දේවල් උඩින් ගෙනත් පටවන ඒවා.ජනතාවට තේරුම් ගන්න බැරි අවිනිශ්චිතකමක් රනිල්ගේ ආණ්ඩුවෙන් දිස්වෙන්න පටන් අරන්. රටේ රාළ කියන්නේ ආණ්ඩුව ඇතුලේ බරපතල විහේදනයක් තියනවා.ඒ විහේදනය එලියට නොපෙනුනත් ඒ බෙදීම පැහැදිලි අන්ත දෙකකට ගමන් කරමින් තියෙනවා.ඒක රටට පේන්න පටන් ගන්නේ මේ මැයි දිනයත් එක්ක. ආණ්ඩුවේ ඉන්න බැසිල්ගේ කණ්ඩායම හිතන්නේ IMF විස්තීරණ ණය පහසුකම ලැබීමත් එක්ක සියලු ප්‍රශ්න ඉවරයි කියලා.

දැන් එයාලගේ ටාගට් එක තව ණය ටිකක් අරගෙන ඇමතිකං වැඩි කරගෙන ජොලියේ ඉතිරි කාලය ගත කරන්න.ඒ වෙනුවෙන් රනිල් එක්ක අල්ලන රණ්ඩුවක් ඇතුලේ තියනවා.ඒ රණ්ඩුව හින්දා හරි, වෙන හේතුවක් හින්දා හරි රනිල්ට තිබුණ අවස්ථාව ඈතට තල්ලු වෙන බව පේනවා.රනිල්ට තිබුන අවස්ථාව රටේ රාළ දිගටම පෙන්නලා දුන්නා.දැන් ඒ අවස්ථාව ගිලිහෙන හැටිත් රටේ රාළ පෙන්නලා දෙනවා.ඇත්තටම රටේ ආදායම වැඩි කරගැනීමට අදාලව නිශ්චිත උත්තරයක් තවම හැදිලා නෑ.ඒකට උත්තර හොයන වැඩපිලිවෙලක් තවමත් ඉදිරිපත් වෙලා නෑ.රනිලුත් එක එක කාලෙට එක එක මාතෘකාව කරලියට ගෙනත් දාමින් ඉන්නවා.ඒවාට හැදෙන සංවාද ඇතුලේ සමාජ තීරු බෙදා ගනිමින් ඉන්නවා.රටේ රාළ කියන්නේ රනිල් ඔය කියන කැබිනට් සංශෝධන,ජාතික ආණ්ඩු,ප්‍රති ත්‍රස්ත පනත් ඕවා මාතෘකා විතරයි. හරි හෝ වැරදි මේ කිසිවක් රනිල්ට කරන්න බෑ.කොහොම උනත් මැයි දිනයෙන් පස්සේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට ගමන් කරනවා.

රනිල්ට ඒ තත්වය දකින්න පුළුවන්ද බැරිද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.රනිල් බොරුවට නං නිර්පාක්ෂික වචන දාදා හිටලා වැඩක් නෑ.ඇත්තටම නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවමින් ජාතික එකඟතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරි උනොත් ඊළගට මොන මැතිවරණය තිබ්බත් රාජපක්ෂලා එක්ක රනිලුත් දියඹට ගසාගෙන යන එක නතර කරන්න බෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan