*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

“ජනතාවාදී පාලනයක් ගොඩනගමු ” – ජනතා විමුක්ති පෙරමුණ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනතා විමුක්ති පෙරමුණ මෙවර විශාලතම ජනරැළිය කොළඹදී පැවාත්වීමට කටයුතු කරන බව එහි මාධ්‍ය ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි . මෙහි දී ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ටිල්වින් සිල්වා විසින් මාධ්‍ය සාකච්ඡාවක් ගෙන තිබූ අතර මෙවරත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස කොළඹදී ජාත්‍යන්තර කම්කරු දිනය දැවැන්ත අයුරින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

ඔහු පවසන්නේ කොළඹ නගරයේ පැවැත්වෙන දැවැන්තම මැයි රැලිය එය වන බව විශ්වාස කරන බවයි. එයට වැඩ වැඩකරන ජනතාව ගොවි කම්කරු සියලුම දෙනා තරුණ ශිෂ්‍ය කාන්තා ප්‍රජාවන් සියලුම දෙනා සූදානමින් සිටින බවද පැවසීය . ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවී පීඩාවට පත් වූ ජනතාවගේ බලය පෙන්වීමට ඔවුන් සූදානමින් සිටින බව ඔහු පවසයි.

මෙවර මැයි රැළියේ තේමාව වනුයේ ” රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාව බවත්, දැනටමත් අපේ රටේ ඇත්තේ දූෂිත පාලනයක් බවත් රටේ සම්පත් විකුණන තත්ත්වයට පත්වෙලා තිබෙන බවත් ඒ සියල්ලම හේතූන් මත ජනතාව විශාල පීඩනයකට පත්ව ඇති බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රටෙ වත්මන් පාලකයන් මේ රට පාවා දෙමින් රට විකුණමින් තවත් කාලයක් මෙහි රැඳී සිටීම උත්සාහ කරන බවත් ඔවුන් පරාජයට පත් කරමින් අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනතාවාදී පාලනයක් ගොඩනැගීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බව ඔහු පවසයි.

එම අරමුණින් ජන බලය ඒකරාශී කිරීම මෙම මැයි රැලිය ප්‍රධාන අරමුණ බවද ඔහු පවසයි. ඒ සඳහා විශාල ජනතාවක් රැස් වේ යැයි ඔවුන් විශ්වාස කරන බවද පවසයි. ඒ සඳහා ඔවුනට ගෝල්ෆේස් පිටිය ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ,නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර ඇත්තේ ගොල්පෙස් පිටිය කිසිම දේශපාලන කටයුත්තකට නොදෙන බවට තීරණයක් ගෙන ඇති බවයි. ගෝල්ෆේස් පිටිය කිසිම දේශපාලන කටයුත්තකට නොදෙන බවට තීරණයක් ගෙන ඇති බවයි .

නමුත් ටිල්වින් සිල්වා මහතා පවසන ආකාරයට අතීතයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එම පක්ෂයම ගෝල් ෆේස් පිටියේදී මැයි දින රැළි පවත්වා බජව් දැමූ ආකාර අද ඔවුන්ට අමතක බවයි.

එබැවින් ජනතා විමුක්ති පෙරමුණ තීරණය ක්ර ඇත්තේ විහාරමහාදේවී උද්‍යානයත් කොළඹ නගර සභාව අතර ඇති මාර්ගයත් රථවාහන සඳහා ගැටලුවක් නොවන පරිදි යොදා ගැනීමට තීරණය කළ බවයි.

BRC පිටියෙන් පෙළපාලිය ආරම්භ කර කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ නගර සභාව අතර තිබෙන්නා වූ මාර්ගය වෙත පැමිණ ඔවුන්ගේ මැයි දිනට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සිල්වා මහතා පවසයි. පෙළපාලිය සවස 2 ටත් , රැලිය හවස 4 ටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි . ඒ සඳහා විශාල සහභාගිත්වයක් ඒකරාශී වනු ඇතැයි දැනටමත් විශාල විශ්වාසයක් ඇති බව ඔහු පවසයි .

මනුෂ්‍යත්වය රකින , සියලු මිනිසුන්ට සමානව සලකන සියලු ජනතාවට සතුටින් සිනා වී සිටීමට හැකි රටක් බිහිකිරීම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වන බව ඔහු පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan