බදු ආදායම 216% ක වර්ධනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බදු ප්‍රමාණය රුපියල් මිලියන තුන් ලක්ෂ 16,619ක් ලෙස වාර්තාවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා සඳහන් කරයි.

මෙම වසරේ පළමු කාර්තුවේ බදු ආදායම පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් , ඉන් ඉහළම ආදායමක්, ”එකතු කළ අගය මත බද්ද” යටතේ අය කර ඇති අතර එම අගය රුපියල් මිලියන 113 578 ක් බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ , රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම එම බදු ආදායම ඉහළ යාමට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර කාර්යක්ෂම හා ඵලදායි බදු පරිපාලන සේවාවක් බදු ගෙවන ප්‍රජාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...