ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි .

ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් , ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනයට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිව ඇතිබවත් සඳහන් වෙයි .

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් එම චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන අතර , එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ.

◾ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද,

◾ඇමරිකානු ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ. 

◾ඩොලර් 7,200 –  11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.

◾ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.

◾ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හදුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...