සජිත්ගේ “සක්වල” 165 වැනි ස්මාර්ට් පන්ති කාමරය අත්තනගල්ල, උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන සක්වල ස්මාර්ට් පන්ති කාමර වැඩසටහනේ 165 වැනි අදියර ඊයේ (27) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, ගම්පහ අත්තනගල්ල, උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදීම ඊයේ සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම පාසලේ දරු දැරියන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා මළලසේකර ශබ්දකෝෂ 5ක් පරිත්‍යාග කිරීම මෙන්ම පාසලේ අමතර වියදම් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එහිදී සිදුකෙරිණි.

RN