*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

ගෙන්වූ බෙහෙත් ගැන වගකියන්නෑ කියලා – ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව CID යට තවත් පැමිණිල්ලක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2023 සැප්තැම්බර් 17 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවමින් පසුගිය සමය තුළ මෙරටට ගෙන්වූ ඖෂධවල ගුණාත්මකභාවය, විශ්වාසවන්තභාවය හා ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් තමන් වගනොකියන බව ප්‍රකාශ කර ඇති බවත් මෙය ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වැනි වගන්තිය අවභාවිතා කිරීමක් බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ඒ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා විසින්ම පසුගිය සැප්තැම්බර් 17 වෙනිදා මානව හිමිකම් කොමිසමට ඔහුගේම අත්සනින්, නිල මුද්‍රාවෙන් ලිපියක් නිකුත් කරනවා, ඔහු කියනවා ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තිය යටතේ මේ රටට ඖෂධ ගෙන්වීමේදී ඇතැම් අවස්ථාවට ඖෂධවල ගුණාත්මකභාවය, විශ්වාසවන්තභාවය හා ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් තමන් වගනොකියන බව. හැබැයි ඔහුට අමතක වෙනවා ඒ වගන්තිය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ රටේ හදිසි ආපදාවක්, වසංගතයක්, දරුණු බෝවෙන රෝගයක් තියෙනවා නම් විතරයි. එතකොට මේ වගන්තිය අවභාවිතා කරලා හිටපු විධායක අධ්‍යක්ෂවරයාත් අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉතාමත්ම කූඨ විදියට මේ රටේ මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමම අපි විශ්වාස කරනවා අපරාධමය වරදක්. ඒ නිසා ඔහු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගන්න කියලා අපි ඉල්ලීමක් කළා”

වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan