පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාලයාන්ස් හිමාලය ජයගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW):හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක වී තිබෙන බව වාර්තා වේ.

ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස් කෑම්ප් (Everest  Base Camp)කඳු තරණය ප්‍රසිද්ධ අතර, මෙම ස්ථාන තුන උස මීටර් 5550 ක් වන කොංග්මාලා පාස් ,උස මීටර් 5420 ක් වන චෝලාපාස් සහ මීටර් 5360 වන රෙන්ජොලා පාස් නමින් හඳුන්වයි.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හය දෙනෙකුගෙන් සමන්විත මෙම හිමාලයාන්ස් (Himalayanz) ගවේෂක කණ්ඩායම අයිලන්ඩ්  පීක් (Island peak)තරණය  කිරීමටද  අපේක්ෂාවෙන් සිටින බව සඳහන් වේ.

එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය නියෝජනය කරමින් ශිෂ්‍යයන් පස්දෙනකු සහ එක් ශිෂ්‍යාවක් සමග හය දෙනකුගෙන් යුත් ගවේෂක කණ්ඩායමක්  ඊට එක් වූ අතර ඔවුන් මෙම ගවේෂණය ඇරඹූයේ මෙම මස මුල් සතියේදී බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...