හිටපු ජනපති වියළි ආහාර බෙදයි !

0
530

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් , මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල් ලබා දීමේ වැඩසටහනක් මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණු බව සඳහන් වේ.

මුල්කිරිගල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 125කට වියළි ආහාර ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට ,මෙරට චීන තානාපති ෂියැන්ග් හොන්ග් මහතා ද එක්ව සිටි බව පැවසේ.