ශ්‍රී ලංකාව සඳහා ටිරෝල් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන්පත් කරනු ලැබේ

0
375

ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියාවේ ටිරෝල් පරිපාලන ප්‍රදේශයේ අභිනව නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් පත් වූ ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපන් මහතා වෙත තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විසින් සිය පත්වීමේ ලිපිය භාරදෙන ලදි.

ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපාන් මහතා ඉන්ස්බෲක් සහ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශන විශාරද උපාධියක් ලබාගත්තේ ය. ආචාර්ය ස්ටෙපාන් මහතා බොලොඤ්ඤා, ෆ්‍රෑන්ක්ෆර්ට්,  ඉන්ස්බෲක්, පාවියා, ට්‍රයන්ට් යනවිශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරඋපාධි පාසලේ විද්වතකු ද වේ. මේ වන විට එතුමා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධන කටයුතු කළමනාකරණය කරන අතරතුර මෙඩ්-එල් මෙඩිකල් ඉලෙක්ට්‍රොනික්ස් (MED-EL Medical Electronics) හි සේවය කරයි. එතුමා ජර්මානු, ඉංග්‍රීසි, රුසියානු, ඉතාලි සහ ප්‍රංශ භාෂා චතුර ලෙස හසුරුවයි.

කෘෂිකර්මය සහ වන වගාව ටිරෝල් හි විශේෂස්ථානයක් හිමි කර ගනී. ටිරෝල් සතු බොහෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ගොවිපොළ ටිරෝල්හි භූපිහිටීම සහ සංස්කෘතිය හැඩගැස්වීම සඳහා ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පටන් ඉවහල් වී ඇත. ටිරෝල් හි වැදගත්ම අංශය වන්නේ තෘතීයික අංශයයි. මෙම කලාපය තුළ සංචාරක කර්මාන්තයට විශේෂ ස්ථානයක් හිමිවේ.

තානාපති කාර්යාලය මේ වන විට ඔස්ට්‍රියාවේ සැලස්බර්ග් හි සහ බොස්නියාව,  හර්සෙගොවිනා   සහ හංගේරියාව තුළ  අභිනව නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීමේ හැකියාව පිළිබඳව ද  ගවේෂණය කරමින් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 අප්‍රේල් 26  වැනි දින   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here