මහා වැඩවර්ජනය : අද රෑ සිට දුම්රියත් නවතී …

දිවයිනේ වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් විසින් හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයට එක්වෙමින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතු නතර කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර, කර්මාන්ත අංශ, මාර්ග අංශ, ඒ වගේම දුම්රිය කාර්යාල, පාලන කාර්යාල ආදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතන ගණනාවක්ම වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා මේ එක්දින සංකේත වැඩවර්ජනය සාර්ථක කරගැනීම සඳහා මේ දුම්රිය සේවකයින් දායක වෙලා මැදිහත් වෙලා තියෙනවා. ඒ හින්දා හෙට දවසේ දුම්රිය ධාවන කටයුතු ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ”

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...