එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැලේසියාවේ රජු වෙත අක්තපත්‍ර පිළිගන්වයි

Date:

මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් දාබරේ ලියනගේ සුමංගල ඩයස් මැතිතුමා 2022 අප්‍රේල් 25 දින ක්වාලාලම්පූර් නුවර ඉස්තානා නෙගාරාහි දී මැලේසියාවේ රජතුමා වන යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් අල්- සුල්තාන් අබ්දුල්ලා රි’ අයතුද්දින් අල්- මුස්තෆා බිල්ලා ෂා ඉබ්නි අල්මර්හුම් සුල්තාන් හජි අහ්මඩ් ෂා අල්- මුස්තා’ යින් බිල්ලා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට ආචාර පෙළපාලියක් ඇතුළත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ද වාදනය කෙරිණි. ආචාර පෙළපාලියෙන් අනතුරුව අක්තපත්‍ර පිළිගැන්වීම සිදු වූ අතර, ඉන් පසුව මහ කොමසාරිස්වරයා එරට රජු හමුවිය. නව මහ කොමසාරිස්වරයාට සිය ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සුබ පැතුම් පළ කළ 16 වැනි යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් රජතුමා, මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති කාලානුරූපී සුහදශීලී ද්විපාර්ශ්වික සබඳතා ඉමහත් සතුටින් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ එම තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රජතුමා මෙහිදී විමසී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් මැලේසියාවේ රජතුමා වෙත පළ කළ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රජතුමා දැනුම්වත් කළේය. තවද, දෙරටටම හිතකර ක්‍ෂේත්‍ර ආශ්‍රිත වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම, සහයෝගීතාවයේ නවතම ක්ෂේත්‍ර විවෘත කිරීම සඳහා එතුමා සතු උද්‍යෝගය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වී ය.

මානව සම්පත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අවස්ථා ඉහළ නැංවීමට තමන් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වීමට පෙර එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලා ලාම්පූර්


2022 අප්‍රේල් 27 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...