ජනාධිපති මට කිසිවිටෙක ඉල්ලා අස්වෙන්න කියලාත් නෑ, කියන්නෙත් නෑ – මහින්ද

0
520

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට කිසිවිටෙකත් ඉල්ලා අස්වෙන්නැයි කියා නොමැති අතර එසේ කිසිවිටෙක නොකියන්නේ යැයි තමන්ට විශ්වාසයක් ද ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“තමුන්නාන්සෙලා අපි සමග මේ විශ්වාසය තබලා කටයුතු කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එක දෙයක් මට මතක් කරන්න ඕනෙ, ජනාධිපතිවරයා කිසිවිටෙක මට ඉල්ලා අස්වෙන්න කියලා කියන්නෙත් නෑ, කිව්වෙත් නෑ කියලා. ඒ වගේම කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීමක් අමතමිනි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊයේ උදෑසන ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයින් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් එකඟ බවකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here