ජනතාව ඉල්ලුවේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක් හදා දෙන්න කියලා. අපි ඒක අකුරටම කළා – මහින්ද

Date:

2019 වසර වනවිට රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව ද බිඳවැටී තිබුණු නමුත් තමන් බලයට පැමිණි පසු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අපි මේ ආණ්ඩුව භාරගන්නකොට හැම අතින්ම බිඳවැටුණු රටක් තමයි අපි භාරගත්තේ. ඒ වෙලාවේ ආර්ථිකය විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව ගැනත් එදා ජනතාවට විශ්වාසයක් තිබ්බේ නෑ. වැඩිපුරම ජනතාව ඉල්ලුවේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී බෝම්බ පුපුරන්නෙ නැති රටක් හදලා දෙන්න කියලා. මම හිතන්නෙ අද වනවිට අපි ඒ ඉල්ලීම අකුරටම ඉෂ්ඨ කරලා තියෙනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...