*
Monday, September 30, 2024
spot_img

Latest Posts

අර්බුදය විසඳීම

ශ්‍රී ලංකාවේ නූතන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ක්ෂණික හා ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වන බව රජය ප්‍රකාශ කර ඇත. සමස්ත අර්බුදයේ කොටස් තුනක් ඇති බව අප හැමවිටම පෙන්වා දී ඇත. එම කොටස් තුන නම්, ආර්ථිකයේ කඩා වැටීම, දේශපාලන අවුල හා මහජනයා පාරට බැසීමය. මේ පාර්ශ්ව තුන එකිනෙකට සම්බන්ධය.

එකක් මත එකක් වැටී තිබේ. එහෙත් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදයයි. එය විසඳාගත හැකි නම්, අනෙකුත් ගැටලු පියවරෙන් පියවර විසඳා ගත හැකිය. නායකයන්ට ඒ පිළිබඳ වැටහීමක් තිබීම අනිවාර්ය වෙයි. රට පිළිබඳ පොදු එකඟතාව මෙහිලා සිහිපත් කළ යුතුය.රජය පෙන්වා දෙන අන්දමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව හා මිත්‍ර රටවල් ඉතා හොඳ ප්‍රතිචාර දක්වා ඇත. ඒ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා සහයෝගය දැක්වීමටය. එබඳු එකඟතාවක් සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා සෘජු දායකත්වයක් දක්වා ඇත. ලෝක බැංකුවේ ප්‍රධානීහු ජනාධිපතිවරයා හමු වූහ. මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු අපගේ නියෝජිත කණ්ඩායම අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාර්ථක සංවාදයක් නිමා කර ඇත. එය සාධනීය ලක්ෂණයකි.

ඩොලර් කෝටි හැටක ක්ෂණික ණය මුදලක් පිරිනැමීමට ද ලෝක බැංකුව සැලසුම් කර තිබේ.මහින්ද මහතා පෙන්වා දෙන්නේ රජය මූලික වශයෙන් ආර්ථික අර්බුදය විසඳීමට පළමු තැන දී ඇති බවය. ආර්ථික අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟයයි. විදේශ විනිමය රටට ලැබෙන උපායමාර්ග ගණනාවක් දැනට ක්‍රියාත්මක වන අතර, මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිත මණ්ඩලය වොෂින්ටනයේ සිට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩ සාකච්ඡාවක නිරත වී සිටිති. මේ සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍යවරයා කියා සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිල වශයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ අයි.එම්.එෆ්. ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික ලෙස ද සෘජු ලෙස ද සිය දායකත්වය ලබා දෙන බවය.මේ මොහොතේ විදේශීය ණය ගැනීම හැර වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අප හමුවේ ඉතිරි වී නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මීට කලින් සාකච්ඡා ආරම්භ විය යුතු යැයි සමහරු පෙන්වා දෙති. එහි සත්‍යතාවක් මෙන්ම තර්කයක් ද තිබේ. අයි.එම්.එෆ්. ආයතනය මේ වසර මුලදීවත් අපට ණය මුදල් නිකුත් කළේ නම්, ආර්ථික අර්බුදය මේ තරම් උත්සන්න වන්නේ නැත.

කුමක් වුව අතීතය ගැන විග්‍රහ ඉදිරිපත් කිරීමෙන් පලක් නැත. වරදක් සිදු වී ඇත් නම් ඒ ගැන දිගින් දිගටම පසුතැවීම ද පලක් ඇති දෙයක් නොවේ. සිදුවිය යුත්තේ ජගත් ආයතන සමඟ දිගටම සාකච්ඡා කරමින් පියවරෙන් පියවරට අර්බුදය ජය ගැනීමය.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan